චක්‍රලේඛයක් බව කුඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කරයි.
ඒ අනුව තමන් රජය සමඟ සාකච්ඡා කොට එකඟ වූ යෝජනා ද ඇතුළත් කොට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන්නැයි මහ බැංකුවෙන් ඉල්ලා සිටි බව මෙම ඒකාබද්ධ සන්ධානයේ සභාපති ආචාර්ය එස්.රාඝුවන් සඳහන් කළේය.
ඔහු එබව කියා සිටියේ, කොළඹ වැල්ලවත්ත බ්ලු ඕෂන් සමාගම් සමූහයේ වාර්ෂික සුහද හමුව සහ ඒකාබද්ධ සන්ධානයේ විශේෂ මාධ්‍ය හමුව පැවැති අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය එස්.රාඝුවන්,
''මහ බැංකුවට එය කැලලක්''
'' පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට පසුගිය රජය කටයුතු කළා. එය දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වුණා. වත්මන් රජය මෙය ලබන වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කළා. ඉන්පසු එය අත්හිටුවීම අනවශ්‍ය බව මහ බැංකුව සඳහන් කර සිටියා. ඔවුන් කියා සිටියා ශ්‍රී ලංකා බැංකු සංගමය මෙම දීර්ඝ කිරීමට අනවශ්‍ය බව කියා තිබෙන බව. අප මේ අවස්ථාවේ මහ බැංකුවෙන් අහන්නෙ වෙනයම් සංගමයක් කියන කරුණක් පදනම් කරගෙන චක්‍ර ලේඛයක් නිකුත් කරන්නේ කෙසේද යන්නයි. එය නොකල යුත්තක්. මහ බැංකුවට එය කැලලක්. ''
ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි,
'' අපේ රටේ මේ වනවිට පරාටේ නීතිය යටතේ ණය හිමියන් හත්ලක්ෂ පනස් දහසක් දෙනා ණය ගෙවා දැමීමට බැරුව හිරවී සිටිනවා. ඒ අයගේ දේපොළ සම්බන්ධයෙන් පරාටේ නීතිය අනුව කටයුතු කරනවා. ඔවුන්ගේ වත්කම්වලට වෙළෙඳපොළේ පවතින මිලට සමාන තක්සේරුවක් කර නැහැ. තක්සේරු වටිනාකමක් එක්කර නැහැ.
අඩු තක්සේරුවක් යටතේ මේවා වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටිනවා. එය වහාම නැවැත්විය යුතුයි. මහ බැංකු අධිපතිවරයා වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම හරියාකාරව තේරුම් අරගෙන නැහැ. ඔහු කටයුතු කරන්නේ අත්තනෝමතික ලෙසයි. මෙවැනි වැරදි චක්‍රලේඛ නිකුත් නොකර අපට සහන ලැබෙන ලෙස වහා චක්‍රලේඛයක් නිකුත් කළ යුතුයි. ''
බ්ලු ඕෂන් සමාගම් සමූහයේ සභාපති තුමිලන් ශිවරාජා ඇතුළු ව්‍යවසායක සංගම් දහයක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
(සටහන | ජේ. මුණසිංහ)
සබැඳි ලිපි :
'පරාටේ' නීතිය අත්හිටුවිමේ කාලය තවත් මාස කිහිපයකින් දීර්ඝ කිරීමට යයි
පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය මාස 3ක් නොව 6ක් දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්



