සුළු වශයෙන් වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන එම අංශයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී සුළු වේගයකින් වුවද වර්ධනයක් පිළිබිඹු කරමින් දර්ශකාංක51.4ක් ලෙස වාර්තා වී ඇතැයි මහ බැංකුව කියයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන මහ බැංකුව මෙම මාසය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය සැලසුම් කළ වැඩ කටයුතු වලට යම් බාධා සිදු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළ බව දක්වා තිබේ.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක් වූ බොහෝ දෙනා සදහන් කළ පරිදි ඉදිකිරීම් ව්‍යාපෘති වල ටෙන්ඩර් ඇගයීමේ ක්‍රියාවලිය තුළ වසර අවසානයේ සිදු වූ මන්දගාමිත්වය ද හේතුවෙන් නව ඇණවුම් දර්ශකය නොවැම්බර් මාසයේදී පහළ ගියේය.
සමාගම් ඔවුන්ගේ බඳවා ගැනීම් සම්බන්ධව තවදුරටත් සැළකිලිමත් ලෙස කටයුතු කරන බව පිළිබිඹු කරමින් සේවා නියුක්ති දර්ශකය මෙම මාසයේ දී ද පහන වැටුණි.
මෙම මාසය තුළ දී තොග මිලදී ගැනුම් ප්‍රමාණය පෙර මාසයට සමාන මට්ටමක පැවති බව පෙන්නුම් කරමින් නොග මිලදී ගැනුම් දර්ශකය කඩ ඉම් මට්ටමේ පැවතුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය නොවැම්බර් මාසයේදී ඉහළ ගියේය.




