The Leader News
BREAKING
Top Ad
Biz

එමිරේට්ස් වෙතින් කොළඹට දිනපතා අමතර ගුවන් ගමන්වාරයක්

T

The Leader Desk

January 1, 2025 • 3:49 PM

එමිරේට්ස් වෙතින් කොළඹට දිනපතා අමතර ගුවන් ගමන්වාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් විසින් 2025 ජනවාරි 2 වන දා සිට කොළඹ සහ ඩුබායි අතර අතිරේක
  • EK654/655 ලෙස ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවාව හඳුන්වා දීමත් සමඟම ශ්‍රී ලංකාවට මගී ආසන ධාරිතාව සියයට 30කින් වැඩි කරන අතර එමගින් 2025 දී සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ශ්‍රී ලංකාව දියත් කරන සැලසුම් වලට ද සහය දක්වනු ඇත.
  • මෙම අතිරේක ගුවන් සේවාව 2025 මාර්තු 31 දක්වා සතියකට හය වතාවක් ක්‍රියාත්මක වනු ඇත.
  •   EK654 සේවය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (DXB) පැය 10:05ට (බදාදා හැර සෑම දිනකම) ගමන් අරඹා පැය 16:00 ට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට (BIA) ළඟා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගුවන් සේවාවක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර සිටියි.

EK654/655 ලෙස ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවාව හඳුන්වා දීමත් සමඟම ශ්‍රී ලංකාවට මගී ආසන ධාරිතාව සියයට 30කින් වැඩි කරන අතර එමගින් 2025 දී සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ශ්‍රී ලංකාව දියත් කරන සැලසුම් වලට ද සහය දක්වනු ඇත.

මෙම අතිරේක ගුවන් සේවාව 2025 මාර්තු 31 දක්වා සතියකට හය වතාවක් ක්‍රියාත්මක වනු ඇත.

 

EK654 සේවය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (DXB) පැය 10:05ට (බදාදා හැර සෑම දිනකම) ගමන් අරඹා පැය 16:00 ට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට (BIA) ළඟා වේ. (සියළුම වේලාවන් දේශිය වේලාවන් වේ). එහි ආපසු යන ගුවන් ගමන් සේවාව වන EK655 පැය 22:05 ට BIA වෙතින් පිටත්ව පසුදා පැය 01:05 ට DXB වෙත ළඟා වේ.


2025 අප්‍රේල් 1 වනදා සිට බදාදා දිනවල ද ක්‍රියාත්මක වීමට නියමිත මෙම ගුවන් ගමන් සේවාව පැය 22:05 ට පිටත් වී පැය 00:55 ටඞඊ වෙත පැමිණෙන අතර, එය ආපසු පැමිණෙන ගුවන් ගමන් වාරය ඩුබායි සිට පැය 13:20ට පිටත් වී පැය 19:15 ට කොළඹට පැමිණෙනු ඇත.

අමතර ගුවන් සේවාවේ පළමු පන්තියේ ආසන අටක්, ව්‍යාපාරික පන්තියේ ආසන 42ක් සහ ඉකොනොමි පන්තියේ ආසන 310ත් ලෙස මගීන් 360 දෙනෙකුට පමණ පහසුකම් සැලසිය හැකිය.

තවද උසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දෙමින් පහසුව හා තෝරාගැනීමේ අවස්ථා වැඩි කරමින් පුළුල් වූ ගුවන් ගමන් කාලසටහනක් ද හඳුන්වා දී ඇත.

දැනට එමිරේට්ස් කොළඹ හා ඩුබායි අතර දෛනික සෘජු ගුවන් ගමන් වාර දෙකක් සහ මාලේ හරහා තුන්වන ගමන් වාරයක් ද ක්‍රියාත්මක කරයි.

dfrtet| එමිරේට්ස් කළමණාකරු රෂීඩ් අල් අර්ධා
 “2025 සහ 2030 අතර සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙය උද්යෝගීමත් කාලයක්,” යනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා එමිරේට්ස් හි කළමණාකරු රෂීඩ් අල් අර්ධා පැවසීය.

“වසර 39කට ආසන්න කාලයක් පුරාවට මෙරට සංචාරක කර්මාන්තයට අඛණ්ඩ කාර්යභාරයක් ඉටු කළ ගුවන් සමාගමක් ලෙස එමිරේට්ස්, එම කර්මාන්තයේ ද සංවර්ධන අපේක්ෂාවන් වෙනුවෙන් සහය වීමට කැපවී සිටී. මෙම අතිරේක ගුවන් ගමන් වාර දියත් කිරීම, ජාතික සංචාරක ඉලක්ක ළඟාකර ගැනීමට දායක වීම උදෙසා සැලසුම් කරන ආකාරය පෙන්වන හොඳ උදාහරණයක්.”

එමිරේට්ස් හා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අතර දිගුකාලීන උපාය මාර්ගික හවුල්කාරීත්වයක් පවතී. එමිරේට්ස් විසින් සිය ගෝලීය ගුවන් මගීන්ට ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් සැලසුම් කර ඇති මුලපිරීම් සහ වැඩසටහන් වලට සහයෝගය දක්වා ඇත.

දිවයිනේ පොහාසත් ස්වභාවික හා සංස්කෘතික සම්පත් ඉස්මතු කරමින් හරිත පරිසරයට ඇලුම් කරන සංචාරකයින් ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දැක්ම මෑතකදී ප්‍රකාශයට පත් කෙරිණි.

තවද, කොළඹ – ඩුබායි ගුවන් මාර්ගයේ ධාරිතාව ඉහළ නැංවීමත් සමඟ 2025 වන විට සංචාරකයින් මිලියන 3ක් ආකර්ෂණය කර ගැනීමේ මෙරට ඉලක්කය සපුරා ගැනීමට ද එමිරේට්ස් මෙමගින් දායක වනු ඇත.

| enbsl

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එමිරේට්ස් වෙතින් කොළඹට දිනපතා අමතර ගුවන් ගමන්වාරයක් | The Leader