ඇමතිවරු අන්දනවා ද, ඇන්දෙනවා ද...?
පළමු කාරණය මෙලෙස මෙවැනි කරුණු මාධ්‍යට නිරාවරණය වීමෙන් අනවශ්‍ය ඉල්ලුමක් ඇතිවෙලා ටයර් මිල අනවශ්‍ය ලෙස ඉහළ යන්න පුළුවන්. සමහර විට ඒකම ද දන්නෑ කරගන්නත් ඔනේ. කළු කඩ මාෆියා ඇතිවීමට මේවා මූල බීජ යොදනවා. අන්තිමට ඔන්න මාෆියාවක් ඇති වෙලා කියලා ගබඩා කඩ ගානේ රස්තියාදු වෙවී මාධ්‍ය සංදර්ශන දාලා වොයිස්කට් දීලා, වැටලීම් කරනවා.
මේ ඒකපාර්ශිකව ගන්න තීරණ විද්‍යාත්ම දත්ත විශ්ලේෂණයක් නොකොට වෙළඳපළ දත්ත දිහා බලන්නෙ නැතුව එක පාර්ශවයක් විසින් ඉදිරිපත් කරන කරුණු සලකලා බලලා තමා මෙවැනි තීන්දු තීරණ ගැනෙන්නේ .
එක්කෝ ඇමතිවරු මේ විශය පත ගැන කිසිම දැනුමක් හෝ හැදෑරීමක් නැති නිසා සාකච්ඡාවලට එන අය මෙයාලව පට්ට විදියට අන්දවනවා; අන්දවලා එයාලට ඕන දේ කරගන්නවා. නැත්තං පුරුදු පරිදි මේවගේ පස්සෙන් ලොකු කොමිස් කුට්ටියක් තියනවා. මේ වගේ සාකච්ඡාවල දි පාරිභෝගිකයන් වෙනුවෙන් මොන පාර්ශව ද කතා කළේ, කරුණු ඉදිරිපත් කළේ, ඒගැන හිතලවත් බැලුවද...?
ටයිල් මාෆියාව මතක ද...?

මතකද ටයිල්වලට වෙච්ච වැඩේ. ගිය රජයත් දේශිය කර්මාන්තය නගා සිටුවනවා, ඩොලර් ආරක්ෂා කරගන්න ඔනේ කියන ලේබල් එක ගහලා ආනයන තහනම් කරා. එමගින් අතිවිශාල ඒකාධිකාරියක් හැදුවා . මිනිස්සුන්ට රුපියල් 200යට ගන්න තිබ්බ ටයිල් කැටේ 2000කට ගන්න සිද්ද උණා. හැබැයි ටයිල් නිෂ්පාදනයට අවශ්‍ය තාපය ලබාගන්නේ LP gasවලින්. ඒක තනිකරම ආනයනික භාන්ඩයක්. හැබැයි කවුරුත් ඒවලට යන ඩොලර් ගැන කතා කලේ නෑ. අවසානෙ දි ටයිල් මාෆියාවක් හදලා පාර්භෝගිකයා ගසෑකැමට ඉඩ හැරියා. ඒ ටයිල් සමාගම් ඒ කාලවකවානුවෙදි දැවැන්ත ලාබ ලැබුවා ඒකෙන් ගොඩගියෙ සුලුතර පිරිසක් පමනයි . සමහර විට සීනි බදු වංචාව වගේ ඒ කතාව පිටිපස්සෙත් කොමිස් කතාවක් ඉයෙන්න ඇති.
දැනුත් සිද්ද වන්න යන්නෙ ඒකද?, මේ තීරණවලින් ඇතිවෙන වෙළඳපළ ඒකාධිකාරිය විසින් කෘතිම හිඟයක් ඇතිකිරීමට හැකි යි; එමගින් මිල ඉතා ඉහළ අගයකට ඔවුන්ට ගෙනයාමට හැකි යි. මොකද මිනිස්සුන්ට තෝරාගැනීමක් නැති නීසා. මේය ඉතා නරක තීන්දුවක් වෙවි, වෙළදපල තුළ ටයර් හිගයක් මතු වීමටත් නිෂ්පාදනවල ප්‍රමිතිය බාල වීමටත් මෙය බලපානවා. මොකද තරගයක් නැති තැනක ඔවුන් ප්‍රමිතිය ගැන තකන්නෙ නැති නිසා.
පාරත් පරණයි, බස් එකත් පරණයි, බෝඩ් ලෑල්ල අලුත්...
රජයක් විදියට තීන්දු තීරණ ගැනීමේ දී මීට වඩා ක්‍රමවත් සහ විද්‍යාත්මක දත්ත මත පදනම් වී කරනවනම් ඇතිවන අනවශ්‍ය ප්‍රතිවිපාක අවම කරගන්න පුළුවන්. හැම විටම පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමේ දෘෂ්ටියෙන් ප්‍රශ්න දිහා බලන්න ඔනේ.
පරණ පාරවල්වල පරණ බස් එකේ ම අලුත් බොඩ් ලෑල්ලක් ගහගෙන ගියාට ඒ ගමන අලුත් නව ගමනක් වෙන්නෑ. අපි නැවත නැවතත් කියන්නෙ වෙළඳපලට අනවශ්‍ය අතපෙවීම් නතර කරන්න. මිල අඩුකරන්න නම් සැපයුම හා තරගය වැඩිකරන්න; නීති හදන්න. දේශිය කර්මාන්ත නගා සිටුවන්න නම් ඔවුන් ලෝකයට විවෘත වෙන්න දෙන්න; තරග කරන්න ඉඩ දෙන්න. ඩොලර් හොයන්න නම් ටයර් අපනයනය සඳහා වෙළඳපළවල් සොයා දෙන්න (G to G trade agreement) අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීම පසෙකලා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරන්න.
මතු පළ වෙන්නේ මිලපාලන පිස්සුව ගැන අපි අවුරුදු 3කට කලින් කරපු වීඩියෝවක් අපි මන්තරයක් වගේ මේක නිතරම කින්නේ මේ ආනයන තහනම් කිරීම් සහ මිල පාලනවල අනිටු ප්‍රතිඵල අත්විදින්න වෙන්නේ අපිටම නිසා, ආපහු පෝල්ම් ගානේ ජීවිතේ ගෙවලා දාන්න බැරි නිසා.
(වචන | ජනත් පෙරේරා)