දෙවෙනි තැනට ඔසවා තැබීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අධිකාරිය බලාපොරොත්තු වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි පැවසී ය.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් 31වන වරටත් කොළඹ දී සංවිධානය කළ FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ අවසන් දිනයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙම වෙන්දේසිය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04වන දා විවෘත කෙරිණි.
දැනට අටවන ස්ථානය
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි පැවසුවේ, මැණික් හා ස්වර්ණාභරණ අංශයෙන් මේ වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි. මැණික් හා ස්වර්ණාභරණ අංශය දැනට ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ආදායම් ලබන්නන් අතර අටවැනි ස්ථානයට පත්ව ඇත.
වැඩි අපනයන ආදායමක් උපයා ගැනීමේ අරමුණින් මේ වසර අවසන් වන විට එය දෙවැනි ස්ථානයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සූරියආරච්චි පැවසීය. ශ්‍රී ලංකාවට මැණික් අපනයන අංශයෙන් 2023 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 475ක් සහ 2024 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලැබී ඇත.
කෙසේ වෙතත් මැණික් කර්මාන්තයෙන් වැඩි අපනයන ආදායමක් උපයා ගැනීමේ විශාල හැකියාවක් පවතින අතර ඒ අනුව මැණික් අපනයන ක්ෂේත්‍රය ගෙන ඒමට කටයුතු කරමින් සිටී. අපනයන අංශ අතරින් අටවැනි ස්ථානයේ පසුවන අතර, වහාම දෙවැනි ස්ථානයට පත් වීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹටත් මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක්
මැණික් ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙන්දේසි අඛණ්ඩව සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
මැණික් සොයා නොගන්නා තායිලන්තය වැනි රටවල් මේ වන විට මැණික් කර්මාන්තයේ ඉහළින්ම සිටින බවත් එවැනි මැණික් වෙළෙඳ පොළ සමඟ තරග කළ හැකි මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් කොළඹ ආරම්භ කිරීමට අධිකාරිය බලාපොරොත්තු වන බවත් සූරියආරච්චි පැවැසීය.
මෙම වෙන්දේසිය සඳහා ලොව රටවල් රැසක කීර්තිමත් මැණික් ගැණුම්කරුවන් සහ ව්‍යාපාරිකයින් සහභාගී වූ බවත් එය අපේ රටේ මැණික් අලෙවි කරන්නන්ට හොඳ අවස්ථාවක් වූ බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අමිල් ශාමුල් සඳහන් කළේය.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව තම අධිකාරියෙන් සේවා ලබා ගන්නා ජනතාවගෙන් ලැබෙන ගැටලු,සහ යෝජනා පිළිබඳව මහජනතාවට දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් (0112336552) අද (06) සිට හඳුන්වා දී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
(පිටපත | ජයසිරි මුණසිංහ)




