The Leader News
BREAKING
Top Ad
Biz

'වාහන ගෙන්වන්න පුළුවන්, මිල ටිකක් වැඩි වෙයි' - මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන හෙළිදරව්වක් !

T

The Leader Desk

January 7, 2025 • 4:44 AM

'වාහන ගෙන්වන්න පුළුවන්, මිල ටිකක් වැඩි වෙයි' - මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන හෙළිදරව්වක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරියේදී වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ සිය මතය පැහැදිලි කළේය.
  • "අපි විශ්ලේෂණයක් කරලා තිබුණා 2024 මැයි ජුනි මාසයේ ඉඳලා.
  • වාහන අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් ගෙන්න ඉඩදීලා නැහැ.
  • ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යහපත් අතට පත්වෙන්න යනකොට රටට අලුතින් වාහන අවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ, ඊයේ (06) රාත්‍රියේ 'ටීවි දෙරණ' ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමිනි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී මෙසේ කියා සිටියේය.

"අපි විශ්ලේෂණයක් කරලා තිබුණා 2024 මැයි ජුනි මාසයේ ඉඳලා. ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා. වාහන අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් ගෙන්න ඉඩදීලා නැහැ. ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යහපත් අතට පත්වෙන්න යනකොට රටට අලුතින් වාහන අවශ්‍යයි. මගේ නිර්දේශය තමයි තියෙන වාහන වෙළෙඳපොළේ වටිනාකම ඒ මට්ටමේ තියාගනිමින් වාහනය අලුත් කරන්න ඕනේ නම් අලුත්කරන කෙනා යම් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත්කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ." 

මීට කලින් තිබුණ විනිමය අනුපාතයයි දැන් තියෙන විනිමය අනුපාතයයි ගත්විට විනිමය අනුපාත සෑහෙන දුරට වෙනස්වීමක් වෙලා තියෙනවා. ඊට අමතරව වැට් එක 18%ක් අලුතින් එකතුවෙලා තියෙනවා. එතකොට ඒ දෙක එකතු වුණාම වෙළෙඳපොළේ අවුරුදු පහක් පරණ වාහනයක් මිලියන 05ක් නම් අලුත් වාහනයක් ගෙන්න ඉඩදුන්නොත් සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා ගිහිල්ලා අන්තිමට අනවශ්‍ය විදිහට අලුතින් වාහන විශාල ප්‍රමාණයක් මේ රටට ගාල එන්න පටන් ගන්නවා. එහෙම නොවෙන්න මේක බැලන්ස් කරගෙන කරන්න ඕනේ. අත්‍යවශ නම් පමණක් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත් කරන්න අවශ්‍යතාවය තියෙන්න ඕනේ."



මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය 

මෙරට සමස්ත මිනිසුන් සතුව ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය සම්බන්ධව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ දෙරණ 360 වැඩසටහනේ දී පැහැදිලි කළේය. 

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙරට මිලියන 20ක් වන ජනතාව සතුව මිලියන 65ක් තැන්පතු ඇති බවයි.

එම තැන්පතු සතුව ට්‍රිලියන 17ක මුදල් ප්‍රමාණයක් ඇති බවද අධිපතිවරයා එහිදී පැවසීය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...