කෙටි කාලීන විසඳුම් දැන් පටන් සෙවීමට රජය වහාම මැදිහත් විය යුතු යැයි සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර ප්‍රකාශ කළේය.
ඒ අනුව ඉදිරි අවශ්‍යතාවන්ද සලකා බලා කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය දේශීය වශයෙන් වැඩිකිරීමට ප්‍රධාන වශයෙන් බලපාන කුකුළු කෑම සහ ඒ සඳහා යොදාගන්නා බඩ ඉරිඟු පිටරටින් ගෙන්වීමටත් ඒවා සඳහා අයකරන බදු ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට රජය මැදිහත් විය යුතු බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක කලක් කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස කටයුතු කොට මේ ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමක් ඇත්තෙකු බව පැහැදිළි කළ සභාපතිවරයා, ඒ නිසාම මේ ගැටලුව විසඳ ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි සංගමයක් ලෙස බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
දැනට වසරකට අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක ප්‍රමාණයෙන් මෙට්‍රික්ටොන් ලක්ෂ එකහමාරක් මෙරටට ගෙනැවිත් තිබේ. ඉතිරි ප්‍රමාණය තවමත් ගෙන්වා නැත. මෙම නිසා ඉදිරියේ කර්මාන්තයේ ඇතිවන අවශ්‍යතාවය සපුරාලීමට ඒවා පිටරටින් ගෙන්වීමට වහාම මැදිහත්වන ලෙසද සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර රජයට යෝජනා කළේය.
සහල් වලින් නිපදවෙන අතිරික්ත නිපැයුමක් වන හුන් සහල්ද මේ වන විට වෙළෙඳ පොළේ හිඟයක් පවතී. මේ නිසා කුකුළු කෑමවල සැපයුමේ ඇති වී තිබෙන දුර්වලතා නිසා ඒවායෙහි මිල වැඩිවී ඇත. මේ නිසා දේශීය වශයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුගේ කටයුතු නවතා දමා තිබේ.
එබැවින් නැවත එවැනි සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බළගැන්වීමට රජය කටයුතු කරන්නේ නම් අනිවාර්යෙන්ම බඩ ඉරිඟු පිට රටින් ගෙන්වීමට අවසර ලබාදිය යුතුම වේ. එහිදී කිලෝවක් සඳහා අයකරන රුපියල් 25ක බද්ද රුපියල් 15 දක්වා හෝ අඩුකර දෙන ලෙස තමා සංග මයක් ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මාතලී ජයසේකර සඳහන් කළේය.
ඉහළ පිරිවැයක් දරා දේශීය වශයෙන් බිත්තර හා නිෂ්පාදනය කොට කුකුළු මස් අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ඒවා ලබාදීමට කිසිවෙකුටත් අවකාශයක් නැත. ඉදිරි උත්සව සමයේ ඇතිවිය හැකි කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යෑමේ ප්‍රශ්නය විසැඳීමට අද සිටම රජය කටයුතු කළ යුතු බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරනය කළේය.
(සටහන | ජේ.මුණසිංහ)



