The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකා මහ බැංකුව අලුත් වැඩකට අතගසයි

T

The Leader Desk

January 8, 2025 • 4:37 PM

ශ්‍රී ලංකා මහ බැංකුව අලුත් වැඩකට අතගසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සහ මේ වන විට වැඩි වශයෙන් සිදුවන ඩිජිටල් ගනුදෙනු කෙරෙහි
  • නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
  • ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා මේ අදහස්  පළ කළේ වසර 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (08) කොළඹ මහබැංකු මූලස්ථානයේදී එළි දක්වමිනි.
  •   වසර 2024 ආර්ථික හා මූල්‍ය අංශයේ කාර්යසාධනය, මිල ස්ථායීතාවය, මූල්‍ය පද්ධති ස්ථායීතාවය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් මෙහිදී අධිපතිවරයා ඉදිරිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතාවගේ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා තුන්අවුරුදු සැළැස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇත.

මේ වන විට මෙරට ජනතාව වේගයෙන් ඩිජිටල් ගෙවීම් සහ පියවීම් ගනුදෙනු සිදුකිරීමට පෙළඹී සිටින නිසා ඒ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසනීයත්වය තවදුරටත් ශක්තිමත්කොට වැඩිදියුණු කිරීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් ඇතුලු මූල්‍ය පද්ධති ස්ථායිතාවය ඇතිකිරීම අරමුණුකරගත් ප්‍රතිපත්ති 13ක් ක්‍රියාත්මකකොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා මේ අදහස්  පළ කළේ වසර 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (08) කොළඹ මහබැංකු මූලස්ථානයේදී එළි දක්වමිනි.  

වසර 2024 ආර්ථික හා මූල්‍ය අංශයේ කාර්යසාධනය, මිල ස්ථායීතාවය, මූල්‍ය පද්ධති ස්ථායීතාවය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් මෙහිදී අධිපතිවරයා ඉදිරිපත් කළේය.


ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ඇතිකිරීම යටතේ බැංකු අංශයේ ශක්තිමත් ලෙස ගොඩනැඟීමට ප්‍රතිපත්ති ගෙන ඇතැයි අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා, මේ වසරේ පටන් ඉදිරි තුන් අවුරුද්ද ඩිජිටල් ගෙවීම් ඔස්සේ වඩාත් ශක්තිමත් විශ්වාසනීය අංශයක් බවට පත් කිරීමට ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනත සංශෝධනය කිරීමට මුල පුරා ඇතැයි ද කීය.


එම දේශීය ගෙවීම් ගණුදෙනු සඳහා ISO 20022 ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූලවන පරිදි 2024දී නව තත්කාලීන දල පියවීම් (RTGS) පද්ධතියක් මහ බැංකුව ආරම්භ කළ බවද හෙතෙම කීය.

එළඹි නව වසර තුළ වැඩි වශයෙන් ඩිජිටල්කරණයට මෙරට ගණුදෙනු පත්කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු සියලු දිරිගැන්වීම් ලබාදීමට මහබැංකුව ක්‍රියා කරන බව ද හෙතෙම සඳහන් කළේය.


ඉතා ඉහළ  උද්ධමනයක් වාර්ථා කළ වසර 2022 කාලය සිහිපත් කළ මහ බැංකු අධිපතිවරයා, මේ වන විට ඍණ අගයක් ගන්නා අවධමන තත්ත්වය මේ වසරේ මැදදී සියයට 5ක තනි මැද උද්ධමන අගයකට පත්කර ගැනීමට ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.


මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ඇතුළු ක්‍රියා නතර කිරීමට ජාත්‍යන්තරය සමඟ එක්ව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම කීය.

බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන, බලත්‍රලාභී මූල්‍ය ආයතන කටයුතු පමණක් නොව අවිධිමත් මූල්‍ය ක්ෂේත්‍රයන් පවා නියාමනයට සහ අධීක්ෂණයට ලක් කරමින් ජනතාවගේ මූල්‍ය අන්තර්ගත භාවය සහ සාක්ෂරතාවය ඉහළ නැංවීමට විශාල වැඩකොටසක් සිදුකරන බවට 2025 සඳහා ප්‍රතිපත්ති එළිදක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

කොළඹ මහ බැංකු මූලස්ථානයේ  පැවැති ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවේදී අධිපතිවරයා අදහස් දැක්වූ අයුරු සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සහ මුදල් මණ්ඩලය සහ පෞද්ගලික හා රාජ්‍ය බැංකු ප්‍රධානීහු මෙන්ම මහ බැංකුවේ උසස් නිලධාරීහු ඊට සහභාගි වූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.

dw345
(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා මහ බැංකුව අලුත් වැඩකට අතගසයි | The Leader