The Leader News
BREAKING
Top Ad
Biz

වාහන ආනයන බදු ඉහළ යන හැටි - විශේෂ ගැසට් නිවේදනයක්

T

The Leader Desk

January 13, 2025 • 2:57 AM

 වාහන ආනයන බදු ඉහළ යන හැටි - විශේෂ ගැසට් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
  • එම නිවේදනයට අනුට නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
  • එමෙන්ම, ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදුවලට යටත් කර තිබේ.
  • අදාළ ගැසට් නිවේදනය වාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා ඉහළ යන ලකුණු මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ,  විශේෂ ගැසට් නිවේදනයක් මඟිනි.

එම නිවේදනයට අනුට නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

එමෙන්ම, ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදුවලට යටත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය


වාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා ඉහළ යන ලකුණු


මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය.

"වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට අමතරව සු‍ඛෝපභෝගී බද්ද පවතිනවා, මේ තුනම එකතු කරලා  CIF වටිනාකමත් එකතුකරලා ඒකට උඩින් 18%ක වැට් එකතු වෙනවා. බදු වර්ග 04කින් තමයි වාහනයක බදු ප්‍රමාණය තීරණ වෙන්නේ."

ප්‍රශ්නය :
පවතින මිලට වඩා ප්‍රතිශතයක් ලෙස කොපමණ මිල වැඩිවෙයිද?


ප්‍රසාද් මානගේ :
බදු ප්‍රමාණය 400%ත්, 500%ත් දක්වා වඩිවිය හැකියි. සමහර වාහන සඳහා 600% දක්වා වැඩිවෙන්න ඉඩ තියෙනවා.  

ප්‍රශ්නය :
මේ හා සමානව වෙළෙඳපොළේ වාහන මිලත් ඉහළ යයිද?


ප්‍රසාද් මානගේ :
පවතින වාහන වෙළෙඳපොළට වඩා මිල සුළු වශයෙන් ඉහළ යයි.

ප්‍රශ්නය :
 ජනතාවට බලාපොරොත්තුවක් තබාගන්න බැරිද වාහන මිලදී ගැනීම ගැන ?


ප්‍රසාද් මානගේ :
ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. වාහන ලංකාවට එනතුරු ඉන්න.


මෙරට ආර්ථිකය දරුණු කඩාවැටීමකට මුලපිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් පියවර ගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ක්‍රියාත්මක වීම සහ මෙරට විදේශ සංචිතවල ඇතිවූ වැඩිදියුණු වීමත් සමඟ ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ද එකඟතාව මත යළි වාහන ආනයනය කෙරෙහි මතුවූයේ සුබවාදී බලාපොරොත්තුවකි.

ඒ අනුව 2024 සැප්තැම්බර් මස 12 වැනිදා පැවති ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව සංයෝජිත වර්ගීකරණ සංඛේතාංක හෙවත් HS Codes 304ක් යටතේ මෝටර් වාහන සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන රෝද සහිත අයිතම ආනයනය සඳහා අදියර තුනක් යටතේ අවසර හිමිවිය.

ඒ, මේ වසරේ පෙබරවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදිය.

මෙවන් පසුබිමක මෝටර් වාහන ආනයනයේදී නව බදු සංශෝධන ඇතුළත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පෙරේදා (11) සිට බල පැවැත්වේ.

එමගින්, ඉන්ධන මගින් ක්‍රියාත්මක මෝටර් රථ මෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ ආනයනයේදී පැනවෙන නිෂ්පාදන බදු සිලින්ඩර ධාරිතාව සහ වාහනයේ ආයු කාලය පදනම් කරගනිමින් ඉහළ නංවා තිබේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ,

* වැගන් ආර් වර්ගයේ රථයක පැවති රුපියල් ලක්ෂ 16ක පමණ වූ බද්ද නව සංශෝධනයෙන් රුපියල් ලක්ෂ 18 ඉක්මවා යා හැකි බවය.

* එමෙන්ම, විට්ස් වර්ගයේ මෝටර් රථයක් ආනයනයේදී පැවති රුපියල් ලක්ෂ 20ක පමණ බද්ද රුපියල් ලක්ෂ විසිහතරහමාර පමණ දක්වා ඉහළ යා හැකියි.

* ටොයොටා ඇක්වා, කොරොලා, ඇක්සියෝ වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක බදු, රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යන බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

(මුලාශ්‍රය | adaderana)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාහන ආනයන බදු ඉහළ යන හැටි - විශේෂ ගැසට් නිවේදනයක් | The Leader