The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මධ්‍යම සත්‍යෙක්ෂණ අංශය ඩිජිටල්කරණයට

T

The Leader Desk

January 13, 2025 • 2:09 PM

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මධ්‍යම සත්‍යෙක්ෂණ අංශය ඩිජිටල්කරණයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන්
  • ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවලේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
  • මේ තුලින් විද්‍යුත් ගෙවීම් පහසුකම් පැය 24 පුරා සම්පූර්ණ  සේවාව, විනිවිදභාවය, මානව සම්පත් අඩු කිරීම සහ පිරිවැය ඉතිරි කිරීම සිදු වනු ඇත.නව වැඩපිළිවල හදුන්වාදීමත් සමග ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ බලයක් හිමි වේ.
  • 1993 වසරේ දී ආයෝජන කලාපවලින් බැහැර දිවයින පුරා කර්මාන්ත ආරම්භ කිරීමත් සමග ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශය ආරම්භ කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

රැසක් ඉකුත්දා 10 දා  සිට ඩිජිටල්කරණයට ලක්කර තිබේ.

ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවලේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

නව වැඩපිළිවල යටතේ මෙතෙක් සාමාන්‍ය ආකරයට කරන ලද ආනයන අපනයන ලියකියවිලි ඉදිරිපත් කිරීම හා ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය වීම, සත්‍යෙක්ෂණ ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය, QR කේතය ඇතුළත් ඩිජිටල්කරණය කරන ලද ගේට් පාස් සහිත අපනයන සත්‍යාපන කළමනාකරණ පද්ධතියක් දියත් කිරීම සිදු කරයි.

මේ තුලින් විද්‍යුත් ගෙවීම් පහසුකම් පැය 24 පුරා සම්පූර්ණ  සේවාව, විනිවිදභාවය, මානව සම්පත් අඩු කිරීම සහ පිරිවැය ඉතිරි කිරීම සිදු වනු ඇත.නව වැඩපිළිවල හදුන්වාදීමත් සමග ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ බලයක් හිමි වේ.

1993 වසරේ දී ආයෝජන කලාපවලින් බැහැර දිවයින පුරා කර්මාන්ත ආරම්භ කිරීමත් සමග ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශය ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා රේගුව හා එක්ව කර්මාන්ත හා සේවාවන්ගේ ආනයන හා අපනයන නිෂ්කාශණ කාර්යන් මෙම ආයතනයෙන් සිදු කෙරේ.


මෙම ආයතනයේ සේවා අපේක්ෂාවෙන් ආනයන අපනයන කටයුතු සිදු කරන සමාගම්වල නියෝජිතයින් විශාල පිරිසක් දිනපතා පැමිණෙන අතර, මෙතෙක් ඒ සදහා පැවතියේ පෝරම පුරවන, බලපත්‍ර නිකුත් කරන යල් පැනගිය ක්‍රමවේදයකි. නව ක්‍රමය යටතේ මෙම සියළු ක්‍රමවේදයන් නව්‍යකරණය වෙමින් ඩිජිටල් හදුනාගැනීමක් සමග ඩිජිටල් පද්ධතිය තුලින් අදාල අනුමැතියන් ලබාදිම ඇතුළු සියළු කාර්යන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.


මෙම වැඩ සටහනේ ආරම්භක පියවර ලෙස ඩිජිටල් ගේට්ටු අවසරපත් නිකුත් කිරීම ආරම්භ විය.

ආරම්භක අවස්ථාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 මෙහිදී අදහස් දැන්වූ හේරත්, මෙරට කාර්මික අපනයන ආදායමෙන් 80%ක් උපයා දෙන්නේ  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත තුලින් බවත්, ඒ සදහා එම කර්මාන්තයන්ට අවශ්‍ය සියළු යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත්  පැවසිය.

 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්මේන්තුව මෙම ඩිජිටල් ක්‍රමවේදය හදුන්වාදිම අගය කරන බවත් එමගින් රජයේ මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබුණු බවද සභාපතිවරයා පැවසීය.

සියළු අංශ සදහා නව තාක්ෂණය උපයෝගි කර ගැනීමට අදහස් කරන බව අර්ජුන හේරත් තවදුරටත් පැවසිය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් ඇතුළු ඉහළ පෙලේ නිළධාරීන් රැසක් මෙම අවස්ථාවය සහභාගි වූහ.

(සටහන | ජේ.මුණසිංහ)

cfge546f

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මධ්‍යම සත්‍යෙක්ෂණ අංශය ඩිජිටල්කරණයට | The Leader