The Leader News
BREAKING
Top Ad
Biz

ට්‍රම්ප් දිව්රුම් දීම හමුවේ ඩොලරය තරවේ

T

The Leader Desk

January 20, 2025 • 10:48 AM

ට්‍රම්ප් දිව්රුම් දීම හමුවේ ඩොලරය තරවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් අද ධුරයේ දිවුරුම් දෙයි. මේ ඔහුගේ දෙවන වර ජනපති ධුර කාලයයි.
  • ග්‍රෙනෙච් වේලාවෙන් පැය 1700ට හෙවත් එක්සත් ජනපද වේලාවෙන් අද මධ්‍යාහ්න 12.00 ට ඔහු ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
  • ධුරයේ දිවුරුම් දුන් වහා, ඔහු විසින් විධායක බලතල ප්‍රකාරව ඉතා වැදගත් අණ පනත් රැසක් සෘජුව ක්‍රියාත්මක කරනු ඇතැයි, අපේක්ෂා කෙරේ.
  •   අද එක්සත් ජනපදයට, රජයේ නිවාඩු දිනයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ධුරයේ දිවුරුම් දීම අබියස ඩොලරය ශක්තිමත්ව, ආසියානු කොටස් වෙළඳපොළේ ද ධනාත්මක පැහැයක් දක්නට ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ග්‍රෙනෙච් වේලාවෙන් පැය 1700ට හෙවත් එක්සත් ජනපද වේලාවෙන් අද මධ්‍යාහ්න 12.00 ට ඔහු ධුරයේ දිවුරුම් දීමට නියමිතය. ධුරයේ දිවුරුම් දුන් වහා, ඔහු විසින් විධායක බලතල ප්‍රකාරව ඉතා වැදගත් අණ පනත් රැසක් සෘජුව ක්‍රියාත්මක කරනු ඇතැයි, අපේක්ෂා කෙරේ. එරට සංක්‍රමණිකයින් පිලිබඳ ගැටළුව එහි මුල් තැනක් ගනී. එක්සත් ජනපදයට සේන්දු වූ සංක්‍රමණිකයින් දස දහස් ගණනක් පිටුවහල් කිරීමට හෝ ආපසු හරවා යැවීමට නියමිතය. එය විශාල මුදලක් සහ වසර ගණනක් ගතවන කර්තව්‍යයක් ද වේ.

ට්‍රම්ප්, 'යක්කු ගස් නගින' වේලාවට දිවුරුම් දෙයි

 

අද එක්සත් ජනපදයට, රජයේ නිවාඩු දිනයකි. එබැවින්, ජනපති ධුරයේ සමාරම්භය අබියස, සාම්ප්‍රදායික මූල්‍ය වෙළඳපොළ මත විදේශ විනිමය සංවේදීව දිස් වුවද, අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ට්‍රම්ප් ගේ රාජ්‍ය බදු සහ ප්‍රතිපත්තිය පාදක කොට හෙට (21) සිට ආසියානු කොටස් වෙළඳපොළ නව ප්‍රවණතා හට ගනු ඇතැයි අපේක්ෂිතය. 

අද උදෑසන ආසියානු කොටස් වෙළඳපොළ, එක්සත් ජනපද කොටස්හි ඇතැම් ශේශවල යම් හීනවීම් වාර්තා විය. එහෙත්, ට්‍රම්ප්ගේ ජනපතිවරණ ජය හමුවේ, ඉකුත් වසර අග භාගයේ සිට ඩොලරය ශක්තිමත්ව පවතී. 

 

rate3

ජපානයේ තෝකියෝ කොටස් වෙළඳපොළ නික්කේ (Nikkei) දර්ශකය 1%කින් ඉහළ ගියේය. එක්සත් ජනපද කොටස් වෙළඳපොළ, එරට විශාලතම සමාගම් සියයේ ක්‍රියාකාරීත්වය පසුගිය නොවැම්බර මුල සිට සතිපතා වර්ධනය වෙමින් පවතී. 

ඉකුත් සැප්තැම්බරයේ සිට යුරෝ ඒකකය මත ඩොලරයේ අගය 14%කින් ඉහළ ගොස් තිබේ.

 

නව ජනපතිවරයාගේ බලාත්මක ආර්ථික ප්‍රතිපත්ති ව්‍යුහය තුළ ඩොලරය තව දුරටත් ඉදිරියට ගමන් කරනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ පවසති. 

ට්‍රම්ප් විසින් ගෙන ඒමට නියමිත ඇතැම් තීරු බදු තර්ජනාත්මක ස්වරූපයක් ගන්නේ නැත්තේම නොවේ. ගෝලීය ආනයන මත ක්‍රියාත්මක තීරුබදු ප්‍රතිශතය 10%කි. චීන ආනයන මත එය 60% දක්වා ඉතා ඉහළ අගයක පවතී. ඊට අමතරව කැනේඩියානු සහ මෙක්සිකානු භාණ්ඩ මත 25%ක අධි භාරයක් පැනවේ. 

(REUTERS  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර: Dollar strong, stocks creep higher as second Trump term dawns


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...