The Leader News
BREAKING
Top Ad
Biz

‘මැණික් පොළ’ වැඩසටහනින් කර්මාන්තයේ නියැළි සැමට සහනයක්

T

The Leader Desk

January 28, 2025 • 4:25 PM

‘මැණික් පොළ’ වැඩසටහනින් කර්මාන්තයේ නියැළි සැමට සහනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ මැණික් පතල්කරුවන්, අලෙවිකරුවන්, මිලදී ගන්නන් යනාදී
  • ඒ අනුව තුන්වැනි මැණික් පොළ පෙරේදා (26) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බිම්මහලේ සිට මහල් 3ක සාර්ථකව පැවැත්විණි.
  • මේ සඳහා මැණික් ලැබෙන පළාත්වල සුළු හා මධ්‍ය පරිමාණ පතල්කරුවන්, මැණික් මිලදීගන්නන් හා වෙළෙඳුන් 2000කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
  • මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සහ බලධාරීන් පෞද්ගලික අංශය දිරිමත් කිරීම කළ යුතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සියලුදෙනාට එකම වහලක් යට සහන සැලසෙන මැණික් පොළක් මාස්පතා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

ඒ අනුව තුන්වැනි මැණික් පොළ පෙරේදා (26) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බිම්මහලේ සිට මහල් 3ක සාර්ථකව පැවැත්විණි. මේ සඳහා මැණික් ලැබෙන පළාත්වල සුළු හා මධ්‍ය පරිමාණ පතල්කරුවන්, මැණික් මිලදීගන්නන් හා වෙළෙඳුන් 2000කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

මෙතෙක් කලක් අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් ඇතැම් නගරවල ඉතා කනගාටුදායක තත්ත්වයන්ට මුහුණදෙමින් මැණික් අලෙවි කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, මැණික් පතල්වල කටයුතු කරන පතල්කරුවන්ට සහ මැණික් මිලදී ගැනීමට අවශ්‍ය ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිතව මෙම මැණික් පොළේදී තම ගනුදෙනු කර ගැනීමට ඉඩකඩ ලැබිණි.

එය ඔවුන් ලැබූ විශාල අවස්ථාවකි. මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සහ බලධාරීන් පෞද්ගලික අංශය දිරිමත් කිරීම කළ යුතුව ඇත. කෙසේ වෙතත් ඒ සඳහා නිසි මඟපෙන්වීමක් හෝ පහසුකම් සැපයීමක් හෝ සැලකිය යුතු ප්‍රමාණයකින් බලධාරීන්ගෙන් සිදු නොවන බව මැණික් පොළට එක්වූවෝ ප්‍රකාශ කළහ.

සිංහ ඔක්ෂන් සමාගම මෙය සංවිධානය කොට තිබිණි. මෙහිදී ශ්‍රී ලංකා නාමය විදේශයන්හි පවා රැගෙන ගිය රොසෑන් ඩයස් ගේ මෙහෙයවීමෙන් විලාසිතා දැක්මක් ද පැවැත්විණි.

ලබන මස16 වැනිදා නැවත වතාවක් මැණික් පොළ පැවැත්වීමට සැලසුම් කොට ඇත.

(සටහන | ජේ. මුණසිංහ)  

 xfgte46ff

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘මැණික් පොළ’ වැඩසටහනින් කර්මාන්තයේ නියැළි සැමට සහනයක් | The Leader