The Leader News
BREAKING
Top Ad
Biz

වාහන ගෙන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

T

The Leader Desk

January 28, 2025 • 4:37 PM

වාහන ගෙන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරටට වාහන ගෙන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
  • මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
  • ඒ, 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේය.
  • ඒ අනුව, 2024 දෙසැම්බර් 18 සිට ජනවාරි 27 වැනි දා අතර කාලය තුළ ණයවර ලිපි නිකුත් කර ඇති සහ දෙසැම්බර් 18 සහ 2025 ජූලි 31 අතර ඕනෑ ම වරායක් වෙත පැමිණෙන වාහන මුදා හැරීම සඳහා රේගුවට අවසරය හිමිවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව අද (ජන. 28) සිට වාහන ගෙන්වීමට අවසර හිමිවනු ඇත.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
ඒ, 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේය.

ඒ අනුව, 2024 දෙසැම්බර් 18 සිට ජනවාරි 27 වැනි දා අතර කාලය තුළ ණයවර ලිපි නිකුත් කර ඇති සහ දෙසැම්බර් 18 සහ 2025 ජූලි 31 අතර ඕනෑ ම වරායක් වෙත පැමිණෙන වාහන මුදා හැරීම සඳහා රේගුවට අවසරය හිමිවනු ඇත.



2025 පෙබරවාරි 01 සිට පුද්ගලික වාහන ගෙන්වන්න සැලසුම් කළ හැටි ජනපති කියයි

 

කාණ්ඩ තුනකින් වාහන වෙළෙඳපොළ යළි විවෘත කිරීම සඳහා සැලසුම් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ( 2024 දෙසැ. 18) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ඒ අනුව, 2025 වසරේ පෙබරවාරි මස 1 වන දා සිට සිට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු එහිදී පැවසීය.

"භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෝටර් රථ, ඒ වගේ ම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ අපි විවෘත කරන්න සැලසුම් කරලා තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය 2025 පෙබරවාරි මාසයේ පළවෙනි දින සිට යෝජනාවට අපි ඇතුළු කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න," ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඊට අමතරව, මගී ප්‍රවාහන බස් රථ හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කෙරෙන ආනයනය මෝටර් රථ 2024 දෙසැම්බර් මස 14 වන දා සිට විවෘත කර ඇති බව ද ජනාධිපවරයා එහිදී පැවසීය.

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ, "දීර්ඝ කාලයක් මේ වාහන වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ," යනුවෙනි.

ඒ අනුව, මෙම තීරණයට එළඹි බව ඔහු එහිදී පැවසීය.

යළිත් 'ඩොලර් අර්බුදයක්' ඇති වේවි ද?

වාහන ආනයනය හරහා ඩොලර් අර්බුදයක් ඇති වනු ඇතැයි කිසිවෙකු හෝ සැකයක් තබා ගත යුතු නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

"මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය සඳහා පිට මංව යන ඩොලර් ප්‍රමාණය අපි කොපමණ ප්‍රමාණයක් ද කියලා යම් ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. එය කොච්චර ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවා ද කියලා අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

රටේ ආර්ථිකය යළි උද්දීපනය කිරීම සඳහා වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

අදියර 1 යටතේ වාහන ගෙන්වීමේදී අනුගමනය කළ යුතු කොන්දේසි 7ක්

පළමු අදියර යටතේ වාහන ආනයනයේදී අනුගමනය කළ යුතු කොන්දේසි 7ක් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

* ආනයනය කරනු ලබන මෝටර් වාහන ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

* ආනයනය කරනු ලබන මෝටර් වාහනයක් එකී නියමිත කාලසීමාව තුළ දී ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් එවැනි වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන අවස්ථාවේදී අදාළ ආනයනකරු විසින් මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF වටිනාකම) 45%ක උපරිම සීමාවකට යටත්ව මාසිකව CIF වටිනාකමින් 3%සිට අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ වාහනය ලියාපදිංචි කළ යුතුය.

* යම් ආනයනකරුවෙකු විසින් විකිණීමේ අරමුණ සහිතව ආනයනය කරන වාහන එකී ආනයනකරුගේ නමට හෝ ව්‍යාපාරයේ නමට හෝ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කළ නොහැකි අතර එසේ ආනයනය කරන ලද වාහන ගැනුම්කරුවන්ගේ නමට ලියාපදිංචි කළ යුතුය.

* යම්කිසි ආනයනකරුවෙකු මාස හයක් (06)ක් මෙම රෙගුලාසි මගින් පනවන ලද දින අනූවක් (90)තුළ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය උල්ලංගණය කරමින් ආනයනය කළහොත් එකී ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස තිස්හයක (36) කාලයකට තහනම් කරනු ලැබේ.

* යම් ආනයනකරුවෙකු මෙම ප්‍රකාශිත රෙගුලාසි සහ / හෝ මෝටර් රථ වාහනයක් / වාහන ආනයනයට අදාළව දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසිවලට පටහැනිව සංයෝජිත වර්ගීකරණය සංකේතාංකවල 87 වැනි පරිච්ඡේදය යටතේ වර්ගීකරණය වන මෝටර් වාහනයක් ආනයනය කළහොත් අදාළ මෝටර් වාහනය එකී ආනයනකරු විසින් ආයාත බිල් පත්‍රයේ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90)ඇතුළත ප්‍රති අපනයනය කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දැරිය යුතු සියලු පිරිවැයද එකී ආනයනකරු විසින් දැරිය යුතුය.

* මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේදී එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.

* මෝටර් එන්ජින් භාවිත නොවන නමුත් රෝද සහිත අයිතම ආනයනය කිරීමේදී මින් පෙර භාවිත නොකළ (not used) නව අයිතම ආනයනය කළ යුතු ය.


මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, සැලකිය යුතු ලෙස විදේශ විනිමය වැය කර මෝටර් වාහන විශාල ප්‍රමාණයෙන් ආනයනය කරමින් වාහන තොග රැස් කිරීම අධෛර්යමත් කිරීමත්, මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමේත් අරමුණ ඇතිව මෙම කොන්දේසි පනවා ඇති බවය.

gy4567


'සාධාරණ මිලකට අලුත් වාහනයක් මිල දී ගැනීමේ හැකියාව උදා වේවි'

වාහන ආනයනය ආරම්භ කිරීමත් සමග සාධාරණ මිලකට අලුත් වාහනය මිල දී ගැනීමේ හැකියාව ජනතාවට උදාවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මීට පෙර බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේය.


| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාහන ගෙන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි | The Leader