The Leader News
BREAKING
Top Ad
Biz

සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමති විජිත හේරත් වෙත දැඩි විරෝධයක්

T

The Leader Desk

January 30, 2025 • 5:00 AM

සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමති විජිත හේරත් වෙත දැඩි විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ බඳු වැඩසටහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතු යැයි සංචාරක අමාත්‍ය විජිත හේරත් කළ ප්‍රකාශය වැරදි සහගත බවත්,
  • හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය 27වන දින දකුණු පළාත් සංචාරක හෝටල් සංගමය ගාල්ලේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
  • ඒ තැන්වලට යන්නේ මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස්.
  • ඇතැම් සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් යන්නේ මේ ශබ්දය නිසා නැවත ශ්‍රී ලංකාවට එන්නේ නෑ කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

කිසියම් පිරිසක් අමාත්‍යවරයා නොමඟ යවා ඇති බවත් දකුණු පළාත් සංචාරක ‍හෝටල් සංගමයේ හිටපු සභාපති සේනක ද සිල්වා පැවසී ය.

හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය 27වන දින දකුණු පළාත් සංචාරක හෝටල් සංගමය ගාල්ලේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ සේනක ද සිල්වා...

ශබ්දය නිසා සංචාරකයින් ආපසු යනවා

“ශ්‍රී ලංකාවේ නීතිය අනුවත් ශබ්ද දූෂණය කියන්නේ අපරාධමය වරදක්. කිසිම ස්ථානයක කිසිම හේතුවක් නිසා පිටතට විස්ථාරණය වෙන්න ශබ්දය විකාශ කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවක් පවා තිබෙනවා. ඒ තීන්දුව අනුව පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛ තිබෙනවා. මේ චක්‍රලේඛ අනුව ශබ්දය විකාශය කරනවානම් බලපත්‍රයක් ලබාගත යුතුයි. ඒ වගේ ම බලපත්‍රයට අදාළ කොන්දේසි මාලාවක් තිබෙනවා. මේ කොන්දේසිවලට අනුව ශබ්දය විකාශ කිරීමේ සීමාවන්, කාලය පිළිබඳ සීමාවන් තිබෙනවා. නමුත් මේ නීති දැනටත් නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නෑ. පොලිසිය මේවා ගැන කිසිම තැකීමක් නෑ. 

සංචාරකයන් ශබ්දයට කැමති නෑ. ශ්‍රී ලංකාවට සංචාරකයන් එන්නේ වෙරළ තීරයේ, වනාන්තරවල, නටඹුන් නගරව සිරි නරඹලා විවේකීව ගතකරලා යන්න. ඔවුන්ට අවශ්‍ය නිහඬතාව සහ විවේකය. නමුත් ඉතාමත් සීමිත ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවා ඩිස්කෝ කියා වැඩසටහන් සංවිධානය කරන. ඒ තැන්වලට යන්නේ මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස්. දඩි බිඩි ඝෝෂාකාරී ශබ්දය ඕනේ මත් ලෝලීන්ට මිසක් සැබෑ සංචාරකයන්ට නෙවෙයි. ශ්‍රී ලංකාවට එන සංචාරකයන් මේ ශබ්දයට කැමති නෑ. ඔවුන් නිතරම ඒ ශබ්දයට විරුද්ධව පැමිණිලි කරනවා. සටහන් තබනවා. ඇතැම් සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් යන්නේ මේ ශබ්දය නිසා නැවත ශ්‍රී ලංකාවට එන්නේ නෑ කියලා. ඒ නිසා අපි කියන්නේ විජිත හේරත් ඇමතිතුමාට කවුරුන් හෝ වැරදි අදහසක් තමයි දීලා තියෙන්නේ. මේක නොවිය යුතු දෙයක්.”

උණවටුන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පවත්වාගෙන යන ඉන්ද්‍රජිත් දේවසුරේන්ද්‍ර

සංචාරක කර්මාන්තය වළ පල්ලට

“මම අවුරුදු විසි ගණනක් සංචාරක කර්මාන්තයේ නියැළෙනවා. මෑතක සිට ස්ථාන කිහිපයක ඩිස්කෝ සංදර්ශන කරගෙන යාම ආරම්භ කරලා තියෙනවා. ඒ තැන්වලට ඇත්තටමට සංචාරකයන් එන්නේ ඉතාමත් සුළු වශයෙන්. ඒ තැන්වලට එන්නේ මත්ලෝලීන්. මේ ඩිස්කෝ සංදර්ශන නිසා ශ්‍රී සංචාරකයන් ආපසු හැරිලා යනවා. මගේ සංචාරක නිකේතනයට එන සංචාරකයන් අධික ශබ්දය ඇසුණු වහාම කාමරවලට ලබාදීපු මුදල් පවා ආපසු අරගෙන ඉවත්වෙලා යනවා. මේ ශබ්දය නිසා අපිට සංචාරක කර්මාන්තය කරගන්න බැරි වෙලා තියෙන්නේ. 

ශ්‍රී ලංකාවේ මුල්ම සංචාරක පුරය වෙන්නේ හික්කඩුව. අද හික්කඩුව නගරය හරහා යන ප්‍රධාන මාර්ගයේ නළා ශබ්ද කරන්න එපා කියලා පුවරු සවිකර තිබෙනවා. සංචාරකයන්ගෙන් මේ බස්වලින් නැගෙන ශබ්දයට පවා දැඩි විරෝධයක් තියෙනවා. ඩිස්කෝ සහ වෙනත් සංගීත සංදර්ශන පවත්වන්න අවශ්‍යනම් එය ඒ සඳහා සුදුසු ස්ථානවල පැවැත්විය යුතුයි. ඒ සඳහා ශබ්දය පිටතට නොයන ලෙස සැකසූ ශාලා යොදා ගන්න පුළුවන්. එළිමහනේ කරනවානම් ජනාකීර්ණ ප්‍රදේශවලින් බැහැරව ශබ්දය පාලනයක් ඇතිව කළ හැකියි. දියුණු රටවල කරන්නේ එහෙම. අපි රජයෙන් තරයේ ඉල්ලා සිටිනවා රාත්‍රී සංගීත සංදර්ශනවලට ඉඩ දෙනවානම් ඒවා රටේ තිබෙන නීතියට අනුව ශබ්ද පාලනය කරමින් කරන්න කියලා. එහෙම නොවුනොත් ඩිස්කෝ සහ ඩීජේ ඉතිරිවේවි. සංචාරක කර්මාන්තය ම වළපල්ලට යාවි.

 

මෙම ප්‍රවෘත්ති සංකච්ඡාව සඳහා ජර්මන් ජාතික කාන්තාවක වූ නානා බ්‍රෙල්ටින් ද සහභාගී වූවාය.

''රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ පවත්වනවා නම් ඒවා සංචාරකයන්ට කරදරයක් නොවෙන්න කරන්න ''

“මගේ සැමියා වසර ගණනාවක් සිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නියැලී ඉන්නවා. විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවට එන්නේ විවේකීව නිස්කලංකව කාලය ගතකරලා සුන්දරත්වය අත්විදලා යන්න. මේ ඝෝෂාකාරී ශබ්දය ඔවුන්ට හිසරදයක්. ලංකාවට එන සංචාරකයන්ගෙන් එල්ලවන විශාලතම චෝදනාවක් තමයි මේ රටේ ශබ්ද දූෂණය දරාගන්න බැහැ කියලා. හැමතැනම කරච්චල්කාරී සංගීතය, ආගමික කටයුතු තිබෙනවා. මේවා විදේශීය සංචාරකයන්ට ඉතාමත් පීඩාකාරීයි. විදේශීය සංචාරකයන් පවා මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. නමුත් හ්‍රී ලංකා පොලිසිය සහ රජය සංචාරකයන්ට ඒ අවශ්‍ය නිහඬ පරිසරය සාදා දෙන්න උනන්දු නොවීම ඉතාමත් කණගාටුදායකයි. 

අපි ඉල්ලා සිටිනවා රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ පවත්වනවා නම් ඒවා සංචාරකයන්ට කරදරයක් නොවෙන්න කරන්න කියලා. ඒ සඳහා ආවරණිත ශාලා යොදාගන්න පුළුවන්. එතකොට අවශ්‍ය කෙනා යනවා. අනවශ්‍ය අයට ශබ්දයෙන් පීඩාවක් නැහැ. විශාල පිරිසකට ඇහෙන විදියට ශබ්දය දානවානම් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම අඩුවේවි. සංචාරකයන් සඳහා ඩිස්කෝ සහ රාත්‍රී සංගීත සංදර්ශන අවශ්‍යයැයි කියනවානම් ඒක වැරදි මතයක්. එවැනි අවශ්‍යතා සංචාරකයන්ට නැහැ.”

මෙම අවස්ථාවේ දී දකුණු පළාත් සංචාරක හෝටල් සංගමය ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳ සංචාරක අමාත්‍ය විජිත හේරත් ට ලිඛිතව දන්වා යවා ඇති බවයි. සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැඩසටහන් යොදා සංචාරක කර්මාන්තය වර්ධනය කළ නොහැකි බවත් සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා නිහඬ පරිසරයක් ගොඩනැගිය යුතු බවත් ඔවුහු වැඩි දුරටත් කරුණු පැහැදිලි කළහ.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමති විජිත හේරත් වෙත දැඩි විරෝධයක් | The Leader