The Leader News
BREAKING
Top Ad
Biz

හැරී ජයවර්ධන: සුළුවෙන් ගමන් අරඹා දැවැන්ත ව්‍යාපාරික ජාලයක් ගොඩනැගූ ව්‍යාපාරිකයා

T

The Leader Desk

February 3, 2025 • 8:53 AM

හැරී ජයවර්ධන: සුළුවෙන් ගමන් අරඹා දැවැන්ත ව්‍යාපාරික ජාලයක් ගොඩනැගූ ව්‍යාපාරිකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවන්තයෙකු වූ හැරී ජයවර්ධන සිය දිවි ගමන නිම කර තිබේ.
  • තේ අපනයන දෙපාර්තුමේන්තුවේ සිට ව්‍යාපාර ලෝකයට හැරී ජයවර්ධන බ්‍රිතාන්‍යයට අයත් මෙරට පිහිටි තේ අපනයන සමාගමක රැකියාව ආරම්භ කර ඇති අතර පසුව රජයට අයත් රාජ්‍ය වෙළෙඳ සංස්ථාවේ තේ අපනයන දෙපාර්තුමේන්තුවේ මුල් පුටුවට පත් විය.
  • 1977 වසරේදී මෙහෙයුම් ආරම්භ කරමින් ස්ටැසන් අපනයන සමාගම තොග තේ, තේ බෑග් සහ ඇසුරුම් කළ තේ අපනයනය කිරීම ආරම්භ කළේ ය.
  • 1982 වසරේදී, ස්ටැසන්ගේ පුරෝගාමී ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පළමු සාර්ථක වාණිජ හරිත තේ නිෂ්පාදනය නිර්මාණය කළ බව ස්ටැසන් සමාගම පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මිය යන විට 82 වන වියේ පසු විය.

තේ අපනයන දෙපාර්තුමේන්තුවේ සිට ව්‍යාපාර ලෝකයට

හැරී ජයවර්ධන බ්‍රිතාන්‍යයට අයත් මෙරට පිහිටි තේ අපනයන සමාගමක රැකියාව ආරම්භ කර ඇති අතර පසුව රජයට අයත් රාජ්‍ය වෙළෙඳ සංස්ථාවේ තේ අපනයන දෙපාර්තුමේන්තුවේ මුල් පුටුවට පත් විය.

ඉන් ඉවත්වූ හැරී ජයවර්ධන තේ අපනයනය කිරීම සඳහා ස්ටැසන් අපනයන සමාගම ආරම්භ කරමින් ව්‍යාපාරය ලෝකයට පිවිසියේ ය.

1977 වසරේදී මෙහෙයුම් ආරම්භ කරමින් ස්ටැසන් අපනයන සමාගම තොග තේ, තේ බෑග් සහ ඇසුරුම් කළ තේ අපනයනය කිරීම ආරම්භ කළේ ය.

WhatsApp Image 2025 02 03 at 2.20.04 PM

1982 වසරේදී, ස්ටැසන්ගේ පුරෝගාමී ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පළමු සාර්ථක වාණිජ හරිත තේ නිෂ්පාදනය නිර්මාණය කළ බව ස්ටැසන් සමාගම පවසයි.

උසස් තත්ත්වයේ වියළි පොල්, සම්පූර්ණ පොල්, කුළුබඩු සහ කජු අපනයනය සඳහා එම වසරේ ම ස්ටැසන් සමාගම නිෂ්පාදන අපනයන අංශය ආරම්භ කළේ ය.

ඉන්පසු, කාබනික තේ වගාව ආරම්භ කරමින්, ස්ටැසන් නැචුරල් ෆුඩ්ස් 1987 වසරේදී ලොව ප්‍රථම ජාත්‍යන්තරව සහතික ලත් කාබනික තේ උද්‍යානය සංවර්ධනය කළේ ය.

1988 වසරේදී හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකමක් අත්පත් කර ගැනීමත් සමග බැංකු අංශයට ද පිවිසිණි.

1990 වසරේදී ස්ටැසන් සමූහය ජපානයට සහ ජර්මනියට කොහුබත් බ්‍රිකට් අපනයනය ආරම්භ කිරීමත් සමග වෙළෙඳ කටයුතු තවත් පුළුල් විය.

පසුව, ස්ටැසන් අපනයන අංශයේ FMCG ආනයන අංශය විසින් ජාත්‍යන්තර ආහාර වෙළෙඳ නාම සහිත භාණ්ඩ අපනයනය කරන ලදී.

එසේ ම 1991 වසරේදී, ස්ටැසන් සමූහය ලංකා මිල්ක් ෆුඩ්ස්හි බහුතර කොටස් ලබා ගැනීමත් සමග කිරි නිෂ්පාදන අංශය වෙතට පිවිසිණි.

පසුකාලීනව, ඔහුගේ ව්‍යාපාර ජාලය සංචාරක හෝටල්, ඇඟලුම් කර්මාන්ත සහ බලශක්ති නිෂ්පාදනය යන ක්ෂේත්‍රවලට ද විහිදී ගියේ ය.




රජයේ සභාපතිවරයෙකු හා කොන්සල්වරයෙකු ලෙස පත්වීම

ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු වූ හෙතෙම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජාත්‍යන්තර වෙළෙඳාම සහ විදේශ ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වශයෙන් කටයුතු කළේ ය.

එමෙන් ම, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඔහු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද පත් කරනු ලැබූ අතර 2012 වසරේදී ඔහු එම ධූරයෙන් ඉවත් විය.

එමෙන් ම, හැරී ජයවර්ධන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කරනු ලැබී ය.

Pic 1.jpg 8

ඔහු කලක් ඩෙන්මාර්කයේ මෙරට කොන්සල්වරයා වශයෙන් ද කටයුතු කළේ ය.

එම වකවානුවේදී කොන්සල් ජනරාල්වරයා ලෙස ඩෙන්මාර්කයට කළ සේවය වෙනුවෙන් දෙවන මාග්‍රට් රැජිණ විසින් පිරිනමන ලද නයිට් ඔෆ් ද ඕඩර් ඔෆ් ඩැනෙබ්‍රොග් ගෞරව නාමයෙන් හැරී ජයවර්ධන පිදුම් ලැබුවේ ය.


අයෝජනය කළ සමාගම් මොනවා ද?

ෆෝබ්ස් සඟරාව විසින් හැරී ජයවර්ධන මෙරට ධනවත් ම පුද්ගලයින්ගේ ලයිස්තුවට ඇතුළත් කර තිබිණි.

හෙතෙම වැවිලි කර්මාන්තයේ, හෝටල් ක්ෂේත්‍රයේ, කිරි සහ ආහාර ආශ්‍රිත සමාගම් කිහිපයක, මූල්‍ය හා බැංකු කිහිපයක, ඖෂධ ගෙන්වා බෙදාහැරීම, සන්නිවේදන අංශය වැනි ව්‍යාපාර ජාලයක ආයෝජනය කරමින් ව්‍යාපාර ලෝකයට සිය දායකත්වය ලබා දුන්නේ ය.

එයිට්කන්ස් ස්පෙන්ස් හෝටල් සමූහය, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා - පීඑල්සී, අඹේවෙල පශු සම්පත් සමාගම, පට්ටිපොළ පශු සම්පත් සමාගම, කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා, හැටන් නැෂනල් බැංකුව, සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFCC), මිලරුඩ් අප්ලෝඩ්, මඩොල්සිම වැවිලි සමාගම, බලංගොඩ වැවිලි සමාගම, හැරී ජයවර්ධන අයෝජනය කර ඇති සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු සහ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන ආයතන කිහිපයකි.

 

අන්දෝලනාත්මක සිදුවිම් මොනවා ද?

ව්‍යාපාරිකයෙකු ලෙස හැරී ජයවර්ධන සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් ද වාර්තා විය.

කොටස් වෙළෙඳ පොළේ කොටස් මිල දී ගැනීමේදී විනිමය පාලන නීති කඩ කළැයි මෙල්ප්ස්ටාකෝර්ප් සමාගමේ අධ්‍යක්‍ෂවරුන්ට නඩු පැවරූ අතර එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ හැරී ජයවර්ධනහට ද එහිදී නඩු පැවරිණි.

WhatsApp Image 2025 02 03 at 2.20.04 PM 1

2003 වසරේදී එවක අගමැති රනිල් වික්‍රමසිංහ රජයේ තීරණයකට අනුව ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කෙරුණ අතර, ඒ අනුව හැරී ජයවර්ධන විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මිලදී ගනු ලැබී ය.

කෙසේ වෙතත්, එම ගනුදෙනුවට විරුද්ධව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවක සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර එම නඩුවේ තීන්දුවට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යළි රජයට ලබා දීමට හැරී ජයවර්ධනට සිදුවිය.

"ව්‍යාපාරික ක්ෂේත්‍රයට අතිවිශාල පාඩුවක්, හිස් තැනක් නිර්මාණය වුණා"

ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ අභාවයෙන් මෙරට ව්‍යාපාරික කේෂ්ත්‍රයේ විශාල පාඩුවක් සහ හිස් තැනක් නිර්මාණය වූ බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

image 3c6d9d9b63

"අපි කතා කරන ප්‍රබල ව්‍යවසාකයින් අතර මුලින් ම අපි යනවා මැලිබන් මුදලාලිට. ඊට පස්සේ මේ රට වෙනස් කරපු මේ රටේ ආර්ථිකයට විශාල ම දායකත්වයක් දුන්න විශාල සංඛ්‍යාවකට රැකියා නිර්මාණය කරපු ප්‍රබල ව්‍යවසායකයෙක් තමයි හැරී ජයවර්ධන කියලා කියන්නේ."

හැරී ජයවර්ධන මෙතරම් පුළුල් ව්‍යාපාරික ජාලයක් නිර්මාණය කරගනු ලැබුවේ ඔහුට ම අනන්‍ය වූ කළමනාකරණ ශෛලියක් හරහා බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

"ඔහු පිළිබඳව යම් යම් චෝදනාවනුත් තිබුණා. මොක ද ව්‍යවසායකයෙක් වෙනකොට ඕන ම කෙනෙක්ගේ හොඳ නරක තියෙන්න පුළුවන්. නමුත් අපි මේ වෙලාවේ බලන්න ඕනේ එතුමා විසින් මේ රටේ ආර්ථිකය ගොඩනංවන්න මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන්න ඔහු කරපු දායකත්වය. ඒ පැත්තෙන් බලපුවා ම ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අතිවිශාල පාඩුවක්, හිස් තැනක් නිර්මාණය වුණා මෙතුමාගේ අභාවයත් එක්ක," යැයි මහාචාරය අමින්ද මෙත්සිල පෙරේරා වැඩිදුරටත් පැවසීය.


| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හැරී ජයවර්ධන: සුළුවෙන් ගමන් අරඹා දැවැන්ත ව්‍යාපාරික ජාලයක් ගොඩනැගූ ව්‍යාපාරිකයා | The Leader