පිළි නිෂ්පාදක සංගමයේ විධායක කමිටු සාමාජික ෆෙරොස් අන්වර් අවධාරණය කරයි.
හෙතෙම මෙම අදහස් පළ කළේ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ෆෙරොස් අන්වර්...
දේශීය නිෂ්පාදිත රෙදිවල මිල ඉහළ යන්නේ ඇයි?
‘‘සුළු හා මධ්‍ය පරිමාණ රෙදි නිෂ්පාදකයින් දහසක් පමණ රට තුළ ක්‍රියාත්මක වන නමුත් විවිධ ගැටලු හේතුවෙන් මෙම ආයතන පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට පත්වෙලා. විදේශයන්ගෙන් ආනයනය කෙරෙන රෙදි සඳහා වැට් බද්දක් අය නොකළ ද දේශීය නිෂ්පාදිත රෙදි සඳහා සියයට දහඅටක වැට් බද්දක් අය කරනවා.

ආනයනික රෙදි සෞඛ්‍යාරක්ෂිත ද?
දේශීය නිපදවන රෙදිවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අදාළ අංශ නිරන්තර අවධානය යොමු කළ ද ආනයනික රෙදි සඳහා එවැනි අවධානයක් යොමු නොකෙරේ. එමෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි නොමිලේ මෙරටට ලබා දෙන්නේ චීනයෙන් මෙරටට ඖෂධ ආනයනය කරන සමාගම් දෙකකින්. ඖෂධ ආනයන සමාගම් පාසල් ඇඳුම් නොමිලේ ලබාදීමට පෙලඹෙන්නේ කුමන කාරණයක් නිසා ද කියල තේරෙන්නෙ නෑ.
රෙදි නොමිලේ: වරාය ගාස්තු ලක්ෂ 700ක්...
ආනයනික පැන්සල් සෞඛ්‍යයට අහිතකර බවටත් ඉන් පිළිකා වැනි රෝග ඇතිවිය හැකි බවටත් විශේෂඥ වෛද්‍යවරුන් අදහස් දක්වා තියෙන වකවානුවක චීනයෙන් නොමිලේ ලබාදුන් පාසල් නිල ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බවට වගකීමක් ගන්නේ කවුද? මෙරටට නොමිලේ නිල ඇඳුම් ලැබුණත් ඒවා ලැබෙන්නේ කෙසේ ද යන්න සම්න්ධයෙන් වත්මන් රජය සොයා බැලීමක් කළ යුතු යි. ඒ රෙදි නොමිලේ ලැබුණත් ඒවා වරායෙන් මුදා ගැනීමට රුපියල් ලක්ෂ 700 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා.

යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන බැංකුවලට ණය ගෙවමින් සිටිනවා
2015 දී බලයට පත්වුණ හිටපු ජනාධිපතිවරයා පාසල් නිල ඇඳුම් දේශීයව නිපදවන ලෙස දුන් උපදෙස් අනුව රුපියල් බිලියන ගණන් වැයකර යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන දංකොටුව නිදහස් වෙළෙඳ කලාප භූමියේ නව කර්මාන්ත ශාලා ඉදිකර නිෂ්පාදන සිදු නොකර බැංකුවලට ණය ගෙවමින් ඉන්නවා. එම කර්මාන්ත ශාලා නිරීක්ෂණය කරල බලන්න. දේශීය කර්මාන්ත යළි සක්‍රිය කිරීමට දායක වෙන්න කියල අගමැතිතුමියගෙන් සහ කර්මාන්ත ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
(සටහන | ජේ. මුණසිංහ)



