The Leader News
BREAKING
Top Ad
Biz

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් කටයුතු නවත්වයි

T

The Leader Desk

February 8, 2025 • 3:54 PM

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් කටයුතු නවත්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වේ.
  • එක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබා දෙනු ලැබීය.
  • මේ වන විට සයිනොපෙක් සමාගම සහ ආර්.එම් පාක්ස් සමාගම ගැටලුවකින් තොරව මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළද ඔස්ට්‍රේලියානු සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව සඳහන් වේ.
  • අදාළ ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔවුන් මෙලෙස සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇති බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිටම අදාළ සමාගමේ මෙහෙයුම් කටයුතු සිදුකර නොමැති බව සඳහන් ය.

විදෙස් සමාගම් සඳහා මෙරට ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට එවකට පැවැති රජය පියවර ගෙන තිබුණි.

ඒ අනුව චීනයේ සයිනොපෙක් සමාගම, අමෙරිකාවේ ආර්. එම්. පාක්ස්. සහ ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

එක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබා දෙනු ලැබීය.

මේ වන විට සයිනොපෙක් සමාගම සහ ආර්.එම් පාක්ස් සමාගම ගැටලුවකින් තොරව මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළද ඔස්ට්‍රේලියානු සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව සඳහන් වේ.

අදාළ ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔවුන් මෙලෙස සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇති බව වාර්තා වේ.

එම ගිවිසුමට අනුව වසර 20කට ආසන්න කාලයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි වුවද ඔවුන් වසරක් ගතවීමට ප්‍රථම මෙරට මෙහෙයුම් කටයුතු නතර කිරීමද විශේෂත්වයකි.

මේ අතර අදාළ සමාගම විසින් මෙහෙයුම් කටයුතු නතර කිරීම පිළිබඳව ලිපියක් මගින් දැනුවත් කර ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් එම සේවකයින් පවසන්නේ තමන් මීට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

| aruna

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් කටයුතු නවත්වයි | The Leader