The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීමට නව මෘදුකාංගයක්

T

The Leader Desk

February 9, 2025 • 2:50 PM

ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීමට නව මෘදුකාංගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ බැඳුම්කර අලෙවි වෙළෙඳපොළ තුළ රජයටත්, බැඳුම්කර අලෙවිකරුවන්ටත්, ඒවා මිලදී ගන්නා පිරිසටත් අතිමහත් වාසි සහ ප්‍රතිලාභ
  • ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා උපරිමයෙන් තොරතුරු තාක්ෂණය සහ නවෝත්පාදන ක්‍රමවේද සහ මෘදුකාංග භාවිත කළ යුතුය.
  • ඒ අරමුණින් දැනට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව පාදකකොට ගනිමින් ක්‍රියාත්මක Techscrolll පෞද්ගලික සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි සචින්ත නානායක්කාර ගේ නායකත්වයෙන් හඳුන්වා දී ඇති මෘදුකාංගය ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන එකක් බව පැවසේ.
  • ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ පමණක් නොව සමස්ත ඩිජිටල්කරණ වැඩපිළිවෙළම ලොව පිළිගත් මට්ටමට හැඩගස්වා ගැනීමට සහ ශ්‍රී ලාංකික ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගැනීමට මෙම නව මෘදුකාංගය යොදා ගැනීම විශාල පිටිබලයක් වන බව විද්වත් මණ්ඩලයේ අදහසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හිමිකර දෙමින් එම කටයුත්තේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සමත් නවෝත්පාදන මධ්‍යගත ගෙවීම් පියවීම් පද්ධතියක්  iBond නමින් හඳුන්වා දීමට මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දෙන්නෙකු වන Techscrolll පෞද්ගලික සමාගම පියවර ගෙන තිබේ.  

භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ඇතුළු මෙරට රජයට නව මූල්‍ය ආයෝජන ලබා ගැනීමට හැකි ක්‍රමවේදය සඳහා වඩාත් කාර්යක්ෂම සහ ඉක්මනින් තීන්දු තීරණ ගත හැකි, වඩාත් ආරක්ෂාකාරී විනිවිදභාවයෙන් යුතු මෙහෙයුම් ක්‍රමවේදයක් මෙම  iBond මත පදනම් වූ මෘදුකාංග පද්ධතියේ සහාය ලබා ගනිමින් සිදුකර ගත හැකිවීම විශේෂ කරුණකි.

රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන අතර පවතින මනාව සම්බන්ධීකරණය නොවීමේ දුර්ගුණය නැති කිරීමට, රජයේ ආයතනවල සේවා කාර්යක්ෂම කිරීමට, සන්නිවේදන බාධා සහ හිඩැස් අවම කිරීමට, ප්‍රමාදයන් දුරු කිරීමට මෙම නවෝත්පාදන මෙහෙයුම් පද්ධතිය භාවිතයට ගතහොත් හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් මේ දිනවලදී ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන මොහොතක එම කටයුතු වඩාත් වේගවත් කිරීමට මෙම මධ්‍යගත ඒකාබද්ධ තාක්ෂණික නවෝත්පාදනය සොයා ගැනීම ඉතා වැදගත් බව රුහුණු විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ Techscrolll පෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ප්‍රභාත් වීරසිංහ කළේය.

cdryte5| රුහුණු විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ Techscrolll පෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ප්‍රභාත් වීරසිංහ
වසර පහළොවකටත් අධික කාලයක් පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරත වන ඒ ඔස්සේ නව මෘදුකාංග රටට ලෝකයට හඳුන්වාදීමට කටයුතු කරන තමන් ඇතුළු මෘදුකාංග සංවර්ධන විශේෂඥයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම මෘදුකාංගය  මේ වනවිට ලෝකයේ තිබෙන නවීනතම තොරතුරු තාක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් සකස් කරමින් සිටින බව ද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා උපරිමයෙන් තොරතුරු තාක්ෂණය සහ නවෝත්පාදන ක්‍රමවේද සහ මෘදුකාංග භාවිත කළ යුතුය. ඒවා ශ්‍රී ලංකාවට හඳුන්වා දිය යුතුය.

ඒ අරමුණින් දැනට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව පාදකකොට ගනිමින් ක්‍රියාත්මක Techscrolll පෞද්ගලික සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි සචින්ත නානායක්කාර ගේ නායකත්වයෙන් හඳුන්වා දී ඇති මෘදුකාංගය ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන එකක් බව පැවසේ.

drty45gh| Techscrolll පෞද්ගලික සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි සචින්ත නානායක්කාර
දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට බැඳුම්කර වෙළෙඳපොළට පහසුවෙන් පිවිසීමට හැකි නව මෘදුකාංගය හඳුන්වා දීම හරහා රජයට එක්සත් ජනපද ඩොලර් බිලියන එකක ආයෝජනයක් පවා ඉතා පහසුවෙන් සපයා ගැනීමට හැකියාව ලැබෙන බවත් රජයේ තාක්ෂණික වෙළෙඳපොළේ වටිනාකම ඩොලර් බිලියන එකකින් ඉහළ යන බවත් ආචාර්ය ප්‍රභාත් වීරසිංහ ප්‍රකාශ කළේය.

නව තාක්ෂණික මෘදුකාංගය හඳුන්වා දීමේ කටයුත්තේදී මෙම ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු වන ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය රාජිත උඩවල්පොල, Techscrolll පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරි විසුර ලොකුගමගේ, මෙහෙයුම් ප්‍රධානී බෙවන් ක්‍රෝනර්, උපායමාර්ගික සැලසුම් ප්‍රධානී අංජන ලොකුගමගේ, අලෙවි ප්‍රධානී ලක්ෂිණ රුද්‍රිගෝ, මෘදුකාංග සංවර්ධන විශේෂඥ දිනුක නානායක්කාර යන විද්වත් මණ්ඩලය විශාල කාර්යභාරයක් ඉටුකරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ පමණක් නොව සමස්ත ඩිජිටල්කරණ වැඩපිළිවෙළම ලොව පිළිගත් මට්ටමට හැඩගස්වා ගැනීමට සහ ශ්‍රී ලාංකික ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගැනීමට මෙම නව මෘදුකාංගය යොදා ගැනීම විශාල පිටිබලයක් වන බව විද්වත් මණ්ඩලයේ අදහසයි. මෙම නව මෘදුකාංගය ලෝකයේ නවෝත්පාදන මෘදුකාංග බිහිකිරීමේ තරගයෙන් මුල් පස්දෙනා අතරට පැමිණි නව සොයා ගැනීමක් ද වීම විශේෂත්වයකි.

( ජේ. මුණසිංහ)

dr6t4g| ආයතනයේ විද්වත් මණ්ඩලය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...