ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ 08 බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියන්ත ලියනගේ...
අපි මූල්‍ය සහ බැංකු පද්ධතිය ආරක්ෂා කරනවා
‘‘ශ්‍රී ලංකාවේ බැංකු සහ මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂාකර ගැනීමට සේවා සපයන ආයතන අතර අපේ සංගමයත් ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනවා. අප සංගමය නීත්‍යානූකූල එකක් නොවන එකක් බවට ඇතැමෙකු චෝදනා නගනවා. අප එය මුළුමනින් ම බැහැර කරනවා. අප සමාගම් නීතිය අනුව ප්‍රතිපාදන සපුරාලමින් ලියාපදිංචි වූ සංවිධානයක්.
සමස්ත ලංකා ලීසිං නොගෙවන්නන්ගේ සංගමය ලෙස මුලින් ආරම්භ කර මේ වන විට සමස්ත ලංකා ලීසිං ගෙවන්නන්ගේ සංගමය ලෙස වෙනස් වී ඇති සංගමයක අසංක රුවන් පොතුපිටිය තමයි අපිට මෙවැනි චෝදනා අපට එල්ල කරන්නේ. බැංකු සහ ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්වී සිටින ජනතාවට පීඩාකාරී ලෙස අපි කටයුතු කරන බවටත් එම සංගමය චෝදනා කරනවා. ඒවා සියල්ල අප බැහැර කරනවා. අප කටයුතු කරන්නේ මෙරට මූල්‍ය සහ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමට සේවා සපයන පිරිසක් ලෙසයි.
අපි කටයුතු කරන්නෙ විනයානුකූලවයි
ලංකාව පුරා අප සංගමයේ සාමාජිකයින් 2000කට අධික පිරිසක් ඉන්නවා. අපි කටයුතු කරන්නෙ විනයානු කූලවයි. හිතු මතේට කටයුතු කරන්නේ නැහැ. අප වසර 2024 දී රථ වාහන 1500ක් 2000ක් පවරා ගැනීමට කටයුතු කරා.
(සටහන | ජයසිරි මුණසිංහ)




