The Leader News
BREAKING
Top Ad
Biz

මෙදා අයවැය දේශීය නිෂ්පාදන බල ගන්වන අයවැයක් විය යුතුයි - ධම්මික සමරවික්‍රම

T

The Leader Desk

February 13, 2025 • 9:29 AM

මෙදා අයවැය දේශීය නිෂ්පාදන බල ගන්වන අයවැයක් විය යුතුයි - ධම්මික සමරවික්‍රම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධම්මික සමරවික්‍රම : කර්මාන්ත හා ව්‍යාවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ විදුලිය සහ විද්‍යුත් උපදේශක කමිටුවේ සභාපති
  • ඒ වන විට ශ්‍රී ලංකාවේ දළ විදේශ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන පහළොව ඉක්මවන මට්ටමකට ළගා විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය වැය ශ්‍රී ලංකාවේ බිඳ වැටී ඇති කර්මාන්ත හා ව්‍යවසාය යළි ශක්තිමත්ව නගා සිටුවන දේශීය නිෂ්පාදන බල ගන්වන අයවැයක් විය යුතු බව කර්මාන්ත හා ව්‍යාවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ (විදුලිය සහ විද්‍යුත් උපදේශක කමිටුවේ සභාපති) ධම්මික සමරවික්‍රම ප්‍රකාශ කළේය.


දේශීය කර්මාන්ත කරුවා නගා සිටුවීම ඉලක්ක කළ යෝජනා සැකසීමේදී නව නිපැයුම් සහ නවෝත්පාදන බල ගැන්වීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු (R&D) සඳහා වැඩි අවධානයක් යොමු කිරීම සහ කාර්ය සාධනය මුල් කොට ගත් ක්‍රියාකාරකම් හඳුනාවා දීම (KPI) කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු  සඳහන් කළේය.

 

'' ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ගැටළුවක් වන අධික ආනයන වියදම සපුරාලීමට තරම් ශක්තිමත් නොවන අපනයන ආදායමක් පැවතීම වහා දුරු කිරීමට නම් ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන වැඩි වශයෙන් විදේශ වෙළෙඳ පොළ වෙත යොමු කොට එක්සත් ජනපද ඩොලර් ආදායම වැඩි කර ගැනීම කළ යුතුය. මේ සඳහා නව දේශීය නිපැයුම් සහ පවතින වැඩිදියුණු කළ යුතු ව්‍යාපාර සන්නාම අඩු තරමේ 200ක්වත් ගොඩ නගා ගැනීමට දිරි දෙන අයවැය යෝජනා ඉදිරිපත් විය යුතුයි.''

 

කර්මාන්තකරුවන්ට සහනයක් සලසමින් රජය මෑතකදී විදුලි බිල අඩු කිරීම අගය කළ සභාපතිවරයා ඊට අමතරව බැංකු හා මූල්‍ය පහසුකම් අඩු පොලී අනුපාත සහ සරළ කොන්දේසි යටතේ ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතු බවද පෙන්වා දුන්නේය.

මෙරට නියෝජනය කරමින් පිටරට තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන එම රටවලට වැඩි වැඩියෙන් අලෙවි කිරීමට විශේෂ සහයෝගයක් ලබාගෙන වෙළෙඳ පොළ ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් වැඩි උනන්දුවකින් ආරම්භ කොට ක්‍රියාත්මක කළ යුතු බවද ධම්මික සමරවික්‍රම සඳහන් කළේය.

 

''වසර 2028 වන විට ශ්‍රී ලංකාව දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන තිබෙන ණය සහ වාරික මුදල් ගෙවීම ආරම්භ කළ යුතුය. ඒ වන විට ශ්‍රී ලංකාවේ දළ විදේශ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන පහළොව ඉක්මවන මට්ටමකට ළගා විය යුතුය. ''

 

වසරින් වසර සියයට පහ ඉක්මවන ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව අත්පත් කර ගැනීම, රජයේ ආදායම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට පහළොව මට්ටමට වඩා රැගෙන යාම, අපනයන ආදායම ඩොලර් බිලියන තිහ මට්ටමට ලගා වීම ඉලක්ක කර ගනිමින් එය සපුරාලීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර පසු විපරම් ක්‍රියාවලියක්ද ශක්තිමත්ව පවත්වාගෙන යාම අනිවාර්ය කටයුත්තක් වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(සටහන | මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...