The Leader News
BREAKING
Top Ad
Biz

නාවික ක්ෂේත්‍රයේ රැකියාවලට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා - සුජීව සේනාරත්න

T

The Leader Desk

February 13, 2025 • 10:22 AM

නාවික ක්ෂේත්‍රයේ රැකියාවලට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා - සුජීව සේනාරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික නාවික ක්ෂේත්‍රයේ රැකියා නියුක්ති පුද්ගලයන්හට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තිබෙන බව Seraya Maritime service සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න ප්‍රකාශ කළේය.
  • එසේම වසරකට ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට ඉල්ලුමක් ලෝකයේ නැව් සමාගම්වල පවතින බවද ඔහු සඳහන් කළේය.
  •  2013 වසරේ ආරම්භ කළ තම සමාගම නාවික සේවකයන් 20,000 ආසන්න පිරිසක් නාවික ක්ෂේත්‍රයේ සේවයේ යොදවා ඇති බව ඔහු මෙහි දී පෙන්වා දුන්නේය සීමන්ස්ලාගේ සේවය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා ...
  • අද ලෝකයේ ආනයන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රබලතම ප්‍රවාහන මාධ්‍ය බවට පත්වී ඇති නාවික සේවා පවත්වා ගෙන යාමට නාවිකයන් (Seafarers ) හෙවත් සීමන්ස්ලාගේ සේවය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව කියා සිටියේ, ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී ආරම්භ කළ අවස්ථාවේදීය.

එහි දී අදහස් දැක් වූ සූජීව සේනාරත්න ප්‍රකාශ කළේ, මේ වන විට සෑම දිනකම ලෝකයේ කොතනක හෝ නැව් පනහකට ආසන්න සංඛ්‍යාවක Seraya Shipping පෞද්ගලික සමාගම අනුයුක්ත කළ නාවිකයන් 800 ආසන්න සංඛ්‍යාවක් අඛණ්ඩව සේවයේ නිරත වන බවය.

එසේම වසරකට ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට ඉල්ලුමක් ලෝකයේ නැව් සමාගම්වල පවතින බවද ඔහු සඳහන් කළේය.

 2013 වසරේ ආරම්භ කළ තම සමාගම නාවික සේවකයන් 20,000 ආසන්න පිරිසක් නාවික ක්ෂේත්‍රයේ සේවයේ යොදවා ඇති බව ඔහු මෙහි දී පෙන්වා දුන්නේය

සීමන්ස්ලාගේ සේවය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා ...

අද ලෝකයේ ආනයන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රබලතම ප්‍රවාහන මාධ්‍ය බවට පත්වී ඇති නාවික සේවා පවත්වා ගෙන යාමට නාවිකයන් (Seafarers ) හෙවත් සීමන්ස්ලාගේ සේවය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.

ලෝකයේ බොහෝ නැව් සමාගම් ශ්‍රී ලංකාවේ  නාවිකයන් තම නැව්වල සේවයට බඳවා ගැනීමට කැමැත්ත දක්වන බැවින්, පවතින විවිධාකාර වූ ගැටලු විසඳා ගෙන නාවික සේවකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇති රැකියා ඉල්ලුම රැක ගැනීමට කටයුතු කිරීමට රාජ්‍ය හා දේශපාලන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව සූජීව සේනාරත්න වැඩිදුරටත් පැවසීය.

(සටහන | ජේ.මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාවික ක්ෂේත්‍රයේ රැකියාවලට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා - සුජීව සේනාරත්න | The Leader