පිටරටින් ගෙන්වන බඩ ඉරිඟු කිලෝ එකක් සඳහා දැනට අය කරන රුපියල් 25ක බද්ද මෙවර අයවැයෙන් අඩුකර දෙන මෙන් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
එලෙස බඩ ඉරිඟු සඳහා අය කරන බදු අඩු කිරීම හෝ ඉවත් කිරීම හෝ සිදුකළ හොත් ජනතාවට ඉතා අඩු මිලට බිත්තරත්, කුකුල් මසුත් ලබාදීමට තම සංගමයේ සාමාජිකයන් සූදානම් බව ද එම සංගමයේ සභාපති මාතලී ජයසේකර ප්‍රකාශ කළේය.
මෙරට ගොවිතැන හි නිරත ගොවීන්ගේ ආදායම් සහ අස්වනු වැඩි කර ගැනීම සඳහා පොහොර සහනාධාරය, වගා හානි සඳහා වන්දි, වී වලට උපරිම සිල්ලර මිලක් ලබාදීම වැනි සුභසාධන කටයුතු රජයේ සිදුකරනු ලබන නමුත්, පශු සම්පත් අංශයේ නිෂ්පාදන කටයුතු නිරත වුවන්නට කිසිදු එවැනි සහනාධාරයක් නොලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
අප රටේ බිත්තර සහ කුකුළු මස් කර්මාන්තයේ කටයුතු සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්ටික් ටෝන් ලක්ෂ හයක් අවශ්‍ය වේ. ඒ අතරින් මෙරට වසරකට මුළු බඩ ඉරිගු අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්ෂ තුනක් පමණ වන බව සභාපතිවරයා කියයි.
රටේ බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පිටරටින් ගෙන්විය යුතුය.
ඔහු තව දුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.
බිත්තර මිල සහ කුකුල් මස් මිල ඉහළ ගිය හේතුව...
'' පසුගිය කාලයේ බඩ ඉරිඟු නිෂ්පාදනය බලාපොරොත්තු වු මට්ටමින් සිදු නොවිණි. අපට නිෂ්පාදනය කර ගැනීමට හැකි වූයේ බඩඉරිඟු මෙට්‍රික් ට්‍රෝන් ලක්ෂ එක හමාරකි. මෙම තත්ත්වය මත බඩ ඉරිඟු පිටරටින් ගෙන්වීමේදී බදු අය කිරීමට රජයේ කටයුතු කළේය.
එවැනි බදු අය කරගැනීමෙන් පසු ඉහළ මිලක් ගෙවා සත්ත්ව නිෂ්පාදනය සඳහා අවශ්‍ය ආහාර ලබා ගැනීමට අප සංගමයේ සාමාජිකයින්ට සිදුවිය .
මෙලෙස නිෂ්පාදන වියදම වැඩි වූ විට නිෂ්පාදිත භාණ්ඩ වැඩි මිලට ලබාදීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එබැවින් පසුගිය කාලයේ ඉතා විශාල ලෙස බිත්තර මිල සහ කුකුල් මස් මිල ඉහළ ගියේය.
නැවත වතාවක් එවැනි ආකාරයට බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ යා නොදී ආරක්ෂා කර ගැනීමට නම්, රජය මෙවර අයවැයෙන් සත්ත්ව නිෂ්පාදන නැතිනම් සත්ත්ව නිෂ්පාදන සඳහා භාවිතයට ගන්නනා ආහාර සඳහා අය කරන බදු ඉවත් කළ යුතුය.
දැනටමත් අප සංගමය විසින් බිත්තරයක් නිෂ්පාදනය කිරීමේදී රජයට රුපියල් හයක (රු.6.00)ත්, කුකුල් මස් කිලෝ එකක් සඳහා රුපියල් 250කත් බදු ගෙවනු ලැබේ.
මෙලෙස ඉහළ බදු ගෙවීම් නිසා නිෂ්පාදනයේ මිල වැඩිවී ඇත.
එබැවින් සත්ත්ව ආහාර සඳහා ගන්නා අමුද්‍රව්‍යවල බදු ඉවත් කරගන්නා ලෙස අප රජයට යෝජනා කරන අතර, දැනට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර හා ධාන්‍ය වර්ග විනාශ කිරීමේ කටයුත්ත සිදු නොකොට, ඒවා සත්ත්ව නිෂ්පාදනයට යොදා ගන්නට කටයුතු කරන්නේ රජයට යෝජනා කරයි.
දැනට වෙළඳපොළේදී හමුවන මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමක් සිදුවේ. එය විශාල අපරාධයකි. ලෙස විනාශ කරන ද්‍රව්‍ය වලින් අපට සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීමට හැකි නම් එය ජාතික ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙන්නක් වෙයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ලබාදී නැවත වතාවක් වෙළඳපලට පැමිණම වළක්වාලමින් ඒවා රජයේම යන්ත්‍රයක් හරහා සත්ත්ව ආහාර බවට පත්කිරීම වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. එම යාන්ත්‍රණය කෘෂිකර්ම අමාත්‍යාංශය අනුබද්ධිතව ආයතනයක් හරහා සිදු කිරීම වඩාත් යෝගයයි.
අලුත් අවුරුදු සමයේදී බිත්තර සහ කුකුල් මස් මිල දැනට වඩා ඉහළ යා හැකියි...
බඩ ඉරිඟු දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට පහසුකම් වැඩිදියුණු කළ යුතුය. වී ගොවින්ට හෝ ගොවිතැනෙහි නිරත වෙනත් ගොවීන්ට ලබාදෙන වරප්‍රසාද සහ පහසුකම් සත්ත්ව නිෂ්පාදන කටයුතු නිරත ගොවීන්ට ද ලබාදීමට රජය කටයුතු කළ යුතුය.
එසේ නොකළහොත් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී බිත්තර සහ කුකුල් මස් මිල දැනට වඩා ඉහළ යා හැකිව පවතී .
රජය මෙවර අයවැයෙන් බිත්තර සහ කුකුල් මස් කර්මාන්තයේ නියැලි සිටින ගොවීන්ට, කුඩා ව්‍යාපාරිකයින්ට සහන ලබා දී දේශීය නිෂ්පාදන කර්මාන්තයේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ යුතු බව සංගමය අදහස බවද සභාපතිවරයා අවසන් වශයෙන් කීය.
(සටහන | ජේ.මුණසිංහ)



