ඒ අනුව රාජ්‍ය සේවයේ දී රාජ්‍ය නිළධාරින් හට නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශකයේ සහ අත්පොතෙහි අවශ්‍යතාවය හදුනාගනිමින් එහි වැදගත්කම සැළකිල්ලට ගෙන දැනුම් කළමනාකරණ මධ්‍යස්ථානය (Knowledge Management Center) සහ අමාත්‍යංශයේ අතිරේක ලේකම් වික්‍රමපාල ගේ සංකල්පයකට අනුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් අමාත්‍යංශයේ සියළුම ජ්‍යේෂ්ඨ නිළධාරින් වෙනුවෙන් නව ප්‍රසම්පාදන සංග්‍රහය පිළිබඳව දැනුවත් කිරීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාරම්භක එක් දින නොමිලේ වැඩමුළුවක් රාජ්‍ය නිලධාරීන් 150 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත්දා (15) ශ්‍රි ලංකා පදනම් ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී කරුණු ගණනාවක් අනාවරණය වූ අතර රාජ්‍ය ප්‍රසම්පාදනයේ දී ප්‍රධාන අරමුණ වන “මුදලට වටිනාකම” සාක්ෂාත් කිරීම සඳහා මාර්ගෝපදේශකයේ යාවත්කාලීන සහ වෙනස්කම් පිළිබඳ දළ විශ්ලේශනයන් ඇතුළුව විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව මාර්ගෝපදේශවල වැදගත්කම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන වෙනස්කම්, ප්‍රසම්පාදන ක්‍රම, ලංසු තැබීමේ පටිපාටීන් මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි පැමිණෙන අභියෝග සහ ඒවා හැසිරවිම පිළබඳව පැමිණ සිටි නිළධාරීන් හට අවබෝධයක් ලබා දෙන ලදී.
මීට අමතර ව දෛනික මෙහෙයුම්වලදි නව ක්‍රියාපටිපාටින් ක්‍රියාත්මක කිරිම සඳහා ප්‍රායෝගික පියවරයන්, ඩිජිටල්කරණය තුළ විද්‍යුත් ප්‍රසමිපාදන සහ තාක්ෂණයේ ඒකාබද්ධතා සහ පොදු අභියෝග සහ පොදු විසදුම් ආමන්ත්‍රණයක් ලබා දීමත් වඩා හොද සන්දර්භාත්මක අවබෝධයක් සදහා සිද්ධි අධ්‍යනයක් සිදු කිරීමත් පිළිබඳව වටිනා දේශනයක් සිදු කරන ලදී.

සාර්ථක හා ඵලදායී අවසානයක් සනිටුහන් කරමින් වැඩමුළුව අවසානයේ සහභාගි වු සියළුම නිළධාරීන් සඳහා වටිනා සහතික පතක් ප්‍රදානය කළ අතර මෙය වැඩසටහන් මාලාවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යමින් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ නව සංග්‍රහය පිළිබඳ ව හා ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ ව රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිළධාරින් වෙතත් ප්‍රතිපාදන විද්වතුන්ද යොදා ගනිමින් දැනුම් කළමනාකරණ මධ්‍යස්ථානය (Knowledge Management Center) මඟින් රටපුරා පැවැත්වීමට බලාපොරොත්තු වේ.
මුදල් ඉපයීමට දිවා රෑ වෙහෙසුන ද මුදල් යනු කුමක්ද යන්න නිසි අවබෝධයක් බොහෝ මිනිසුන් අතර නොවේ. අප රටේ ජීවත් වන සියයට අනූවකටම අකුරු කියවීම සහ ලිවීමේ සාක්ෂරතාවයක් පැවතුණද මුදල් නිසි ලෙස පරිහරණය කළයුතු ආකාරය පිළිබඳව කියවිමට බහුතරයක් අපොහොසත් ය. මිනිසුන් නිරන්තරයෙන් මුදල් වංචාකරන්නන්ට හසු වන්නේ ඒ නිසාවෙනි.
යම් ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම සඳහා භාවිතා කරන පොදුවේ පිළිගන්නා හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් සැළකිය හැකිය. මුදල් සත්‍ය වටිනාකමක් ලෙසට පමණක් නොව ආර්ථික විද්‍යාවේ මූලික මූලද්‍රව්‍යයකි. මුදල් හුවමාරු මාධ්‍යක් ලෙසත්, ගිණුම් ඒකකයක් ලෙසත්, වටිනාකමේ සන්නිධියනක් ලෙසත් මෙන්ම ගනුදෙනුවක වටිනාකම අනාගතයේ දී ගෙවීමට හැකි මාධ්‍යක් ලෙසත් ක්‍රියා කරයි.
මුදලට වටිනාකමක් ලබා දෙමින් විනිවිද භාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් නිසි වේලාවට රජයේ ඒ ඒ ආයතනයන්ට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවාවන් මිලදි ගැනිම සහ ලබා දීම රාජ්‍ය ප්‍රසම්පාදන අංශයේ ප්‍රධාන භූමිකාව වේ. ශ්‍රී ලංකා රජය හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් එක් එක් කාලයන්ට රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් නිකුත් කරනු ලබයි.
නව රජය පත් වීමෙන් පසු ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වගන්තිය ප්‍රකාරව පැවරි ඇති බලතල අනුව මෙතෙක් පැවැති රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශය/අත්පොත - 2006 වෙනුවට 2024 නොවැම්බර් 25 දිනැති අංක 2412/01 දරණ ගැසට් මාර්ගෝපදේශය/අත්පොත 2024 ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශකවරයා ලෙස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සමාජික ප්‍රවිණ දේශක, අයිවන් තිසේරා කටයුතු කළ අතර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යේෂ්ඨ නිළධාරින් රැසක් මෙම වැඩමුළුවට සහභාගි විය.
(ජේ. මුණසිංහ)



