The Leader News
BREAKING
Top Ad
Biz

ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී 'ඩිවෝල්කා ඉලෙක්ට්‍රික්' ගෞරව සම්මානයට පාත්‍ර වෙයි

T

The Leader Desk

February 24, 2025 • 3:48 PM

ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී 'ඩිවෝල්කා ඉලෙක්ට්‍රික්' ගෞරව සම්මානයට පාත්‍ර වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම තුළින් අපනයන කේන්ද්‍රය නිෂ්පාදන ආර්ථිකයක් අඛණ්ඩව ශක්තිමත්ව ගොඩනගා ගැනීමට
  • I S O &  C E  සහතික ලත් සමාගමක් වන මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට 'වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ හොඳම වෙළඳනාමය' ඇතුළු සම්මාන රාශියක් හිමිව තිබේ.
  • මෙම අවස්තාව සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඇමති සුනිල් හඳුන්නෙත්ති සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගිවුවාය.
  • එමෙන්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලේකම් තිලකා ජයසුන්දර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක ඇතුළු නිලධාරින් රැසක් ද සහභාගී විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන සන්නායම සහිත ආයතන බිහි කළ යුතුය.    

එම අරමුණෙන් කර්මාන්ත හා ව්‍යසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය ලෝකයේ නව තාක්ෂණය හා නොදෙවැනිව ජාත්‍යන්තර දිනා ගැනීමට සමත් දේශීය වෙළඳානාම ප්‍රවර්ධනයට හා දිරිගැන්වීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.  

ඩිවෝල්කා සන්නාමය යටතේ විදුලි නිෂ්පාදන සහ උපාංග නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, අපනයන අංශයේ දායකත්වය වෙනුවෙන් අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හි පසුගිය 21 දින පැවති ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානයේදී ගෞරවයට පාත්‍ර විය.

දශක තුනකට පෙර පිහිටුවන ලද සමාගමට දැන් ඉන්දියාවේ විදුලි නිෂ්පාදන කර්මාන්තශාලා එකක් හිමිව ඇති අතර ශ්‍රී ලංකාවට නැවත විදේශ විනිමය ගෙන ඒම සඳහා මහා පරිමාණ විදුලි හා ඉලෙක්ට්‍රොනික සහ ඒ ආශ්‍රිත කාර්මික අංශයේ මෙම උත්සාහය වෙනුවෙන් කුසලතා සම්මානයක් පිරිනමන ලදී.

I S O &  C E  සහතික ලත් සමාගමක් වන මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට 'වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ හොඳම වෙළඳනාමය' ඇතුළු සම්මාන රාශියක් හිමිව තිබේ.

රටේ විශාලතම මෙන්ම මාධ්‍ය පරිමාණ සුළු පරිමාණ කර්මාන්ත කරුවන් රැසක් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.

මෙම අවස්තාව සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඇමති සුනිල් හඳුන්නෙත්ති සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගිවුවාය.

එමෙන්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලේකම් තිලකා ජයසුන්දර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක ඇතුළු නිලධාරින් රැසක් ද සහභාගී විය.

(ජේ. මුණසිංහ)

xfe546| පසුගිය  දා පැවති උත්සවයේදී මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සභාපති ධම්මික සමරවික්‍රම සහ උප සභාපති කුමාරි සමරවික්‍රම ප්‍රධාන ආරාධිත කර්මාන්ත  සහ  ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති අතින් සම්මානය ලබා ගන්නා අයුරු..
dr656ff| අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල  විජේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් ඡායාරූපයේ සිටිති

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...