The Leader News
BREAKING
Top Ad
Biz

බදු පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමට කටයුතු කරන්න - එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය

T

The Leader Desk

February 26, 2025 • 9:21 AM

බදු පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමට කටයුතු කරන්න - එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍ය ජනතාව මත පැටවෙන බදු බර අවම කිරීම සඳහා බදු පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමට කටයුතු කර රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතු යැයි ලාංකික එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස් අබේසුන්දර ප්‍රකාශ කළාය.
  • නමුත් බදු ගෙවිය හැකි බදු නොගෙවන පිරිස් වෙත ගොස් බදු ආදායම රැස් කර ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ.
  • ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ආකාරයට පුළුල් කළ යුතුයි.
  • එසේ කටයුතු කළහොත් ජනතාවටම අවබෝධයක් ලැබෙනවා මේ වැඩසටහන් සාර්ථක ඒවා බව.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් ඉම්පීරියල් හෝටලේ ඊයේ (25) උදේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිනිය මේ බව කීවාය.

 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

''බදු ආදායම රැස් කර ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ'''
 
Tanya 250226ටානියා එස් අබේසුන්දර
''ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා බදු ගෙවන පිරිස වෙත වැඩිපුර බර පටවමින් රාජ්‍ය ආදායම එකතු කරන ආයතන කටයුතු කරනවා. නමුත් බදු ගෙවිය හැකි බදු නොගෙවන පිරිස් වෙත ගොස් බදු ආදායම රැස් කර ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ. මෙය අසාධාරණයි. බදු ගෙවිය හැකි බදු නොගෙවන පිරිස බදු දැලට හසු කර ගැනීම කළ යුතුම දෙයක්.
 
 
රජය ගෙනයන ඩිජිටල්කරණ වැඩපිළිවෙල වේගවත් කළ යුතුයි. තවත් ඊට ප්‍රමාද නොවිය යුතුයි. රජයේ සියලු කටයුතු විනිවිද භාවයෙන් සහ කාර්යක්ෂමව සිදු කිරීමට මග පාදන ඩිජිටල්කරණ වැඩ සටහන අනිවාර්යයෙන්ම වේගවත් කළ යුතුයි. ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ආකාරයට පුළුල් කළ යුතුයි. එසේ කටයුතු කළහොත් ජනතාවටම අවබෝධයක් ලැබෙනවා මේ වැඩසටහන් සාර්ථක ඒවා බව.
 
 
අයවැයෙන් රජය යෝජනා කළ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම ඉක්මවා ගිය වැටුප් වැඩිකිරීමක් දැනටමත් සිදුවී තිබෙනවා. ඒ නිසා බොහෝ අමාරුවෙන් තම සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල්, පැමිණීමේ දීමනා, දිරි දීමනා, ආහාර දීමනා, ප්‍රවාහන දීමනා, සෞඛ්‍ය පහසුකම් දීමනා ඇතුලු තවත් දීමනා රාශියක් ලබා දීම තුළ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයන්ගේ වැටුප් බිල ඉහළ නැග තිබෙනවා. මේ නිසා තරග කාරීව වෙළෙඳ පොළට භාණ්ඩ  හා සේවා සැපයීමේදී විශාල අර්බුදයකට අප පත්වී තිබෙනවා. එම නිසා රජය සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරික අංශයෙන් බදු අයකර ගැනීමේදී මෙයට වඩා සැලකිලිමත් වී තීන්දු තීරණ ගත යුතු යැයි  අප යෝජනා කරනවා. ''

සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා ඇතුලු සංසදයේ නියෝජිතයෝ කිහිපදෙනෙකු මෙහිදී අදහස් දැක්වූහ .
 

(සටහන | ජේ. මුණසිංහ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...