The Leader News
BREAKING
Top Ad
Biz

විදේශයන්හි පාවිච්චි කර මෙරටට ගෙනෙන රථවාහන අමතර කොටස් වල මිල ගණන් ඉහළ යා හැකියි

T

The Leader Desk

February 26, 2025 • 4:05 PM

විදේශයන්හි පාවිච්චි කර මෙරටට ගෙනෙන රථවාහන අමතර කොටස් වල මිල ගණන් ඉහළ යා හැකියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | අමතර කොටස් ගෙන්නනන්ගේ සංගමයේ ලේකම් පවාස් ඉසඩ්
  • ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කොළඹදී ඊයේ (26) මෙසේද පැවසීය.
  • අපි ඒක දෙනවා රුපියල් 20,000ක් වගේ මුදලකට ඉතා ප්‍රමිතියෙන් යුතු දේවල් අපි දෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශයන්හි පාවිච්චි කර මෙරටට ගෙනෙන රථවාහන අමතර කොටස් වල මිල ගණන් ඉහළ යා හැකි බව අමතර කොටස් ගෙන්නනන්ගේ සංගමයේ ලේකම් පවාස්   ඉසඩ් ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කොළඹදී ඊයේ (26) මෙසේද පැවසීය.

ලංකාවේ වාහන වර්ග අනුවකට පමණ අමතර කොටස් අපි ගෙන්වනවා. මේ වන විට වාහන වල මිල  අධික වීම සහ බදු කිහිපයක් තිබෙන නිසා මෙම අමතර කොටස්වල මිලත් ඉහළ යන්න පුළුවන්.  

 උදාහරණයක් වශයෙන් අපිටම ටොයිටා ලංකා එකේ බපර් එකක් ලක්ෂයක් කියලා හිතමු. අපි ඒක දෙනවා රුපියල් 20,000ක් වගේ මුදලකට ඉතා ප්‍රමිතියෙන් යුතු දේවල් අපි දෙන්නේ.

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් අපි ජපානෙන් කොරියාවෙන් සහ වෙනත් රටකින් ඉතාමත් අඩු මුලට ගෙන්වා දෙන සංගමයක්.

අර අමතර කොටස්අඩු මිලකට තිබෙන වැගන්නාර්, වැනි වාහනවල මිල ඉදිරියේදී අඩුවෙන්න පුළුවන්.

වෙළඳපොළ අවශ්‍යතාවය අනුව මාකට් එකේ ඉල්ලුමට එන ඕන වාහනයකට අදාළ පාව්චි කරන ලද අමතර කොටස් සැපයීමට අපි  බලාපොරොත්තු වෙනවා.
                 
වෙළඳපොළ මිල වාහනවල ඉහළට ගිහිල්ලා තිබෙන නිසා මෙම තරඟාකාරීත්වය අතරේ අපි කොහොම හරි බලනවා ජනතාවට අඩු මිලට වාහන අමතර කොටස්  ලබා දෙන්න'' ඔහු කීය.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදේශයන්හි පාවිච්චි කර මෙරටට ගෙනෙන රථවාහන අමතර කොටස් වල මිල ගණන් ඉහළ යා හැකියි | The Leader