The Leader News
BREAKING
Top Ad
Biz

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම් ක්‍රමයක් හඳුන්වාදෙයි

T

The Leader Desk

February 26, 2025 • 4:08 PM

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම් ක්‍රමයක් හඳුන්වාදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන මස පළවෙනිදා සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා ලබා දෙන නව වට්ටම් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
  •    මෙහිදී දුර බැහැර ප්‍රදේශවල පිරවුම්හල් පවත්වෙගෙන යෑමේ අපහසුයතා, නව බෙදුම්හල් සදහා යන වියදම් පියවා ගැනීම, පිරවුම්හලක් සදහා යන සත්‍ය වියදම්, පාරිභෝගික මිල දර්ශකය වෙනස්වීම වැනි බොහෝ කරුනු කාරනා සැලකිල්ලට ගෙන ඇත.
  •  එම නිසාම නව පිරවුම්හල් ආරම්භ කිරීමට හා දැනට තිබෙන සංස්ථාව සතු කාණ්ඩයේ පිරවුම්හල් ලබාගැනීමට ඇති ඉල්ලුම අධිකය.
  •  කරුණු එසේ තිබියදීත්, ඉන්ධන පිරවුම්හල් හිමියන් පැරණි ක්‍රමයට ඉන්ධන විකිණුම් මිලෙන් 3% ඉල්ලා සිටීම ඉතාම අසාධාරණ තත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව සංස්ථාව විසින් පසුගිය 25 වෙනිදා නව බෙදුම්කරු වට්ටම් මුදල් ප්‍රමානයන් තම බෙදුම්කරුවන් වෙත දැනුම් දී ඇත.  

 මෙහිදී දුර බැහැර ප්‍රදේශවල පිරවුම්හල් පවත්වෙගෙන යෑමේ අපහසුයතා, නව බෙදුම්හල් සදහා යන වියදම් පියවා ගැනීම, පිරවුම්හලක් සදහා යන සත්‍ය වියදම්, පාරිභෝගික මිල දර්ශකය වෙනස්වීම වැනි බොහෝ කරුනු කාරනා සැලකිල්ලට ගෙන ඇත.

 

මෙහිදී ඉතාම කුඩා පරිමාණයේ පිරවුම්හලකට සියලු බදු, පඩිනඩි හා වියදම් ගෙවූ පසු මසකට රුපියල් ලක්ෂ 2.5කට අධික ශුද්ධ ලාභයක්ද, මධ්‍යම ප්‍රමාණයේ පිරවුම්හලකට රුපියල් මිලියනයකට අධික ශුද්ධ ලාභයක්ද ලැබෙන අතර, ඉතා හොද වෙළදාමක් සහිත පිරවුම්හලකට රුපියල් මිලියන දෙකකට ආසන්න ශුද්ධ ලාභයක්ද ලැබෙන සේ වට්ටම් හදනවා දි ඇත.


 මේ වන විට මෙරට ක්‍රියාත්මක ව පවතින අනෙකුත් ව්‍යාපාර හා සැසදීමේදී මෙය ඉතා හොද ශුද්ධ ලාභයක් සහිත ව්‍යාපාරික වශයෙන් අවදානම ඉතා අඩු ව්‍යාපාරයකි.

 එම නිසාම නව පිරවුම්හල් ආරම්භ කිරීමට හා දැනට තිබෙන සංස්ථාව සතු කාණ්ඩයේ පිරවුම්හල් ලබාගැනීමට ඇති ඉල්ලුම අධිකය.

 කරුණු එසේ තිබියදීත්, ඉන්ධන පිරවුම්හල් හිමියන් පැරණි ක්‍රමයට ඉන්ධන විකිණුම් මිලෙන් 3% ඉල්ලා සිටීම ඉතාම අසාධාරණ තත්වයකි. මෙමගින් රටේ මහජනතාවට ඉමහත් අගතියක් සිදුවී ඇත. එය මුදලින් රුපියල් බිලියන 35කට අධික ප්‍රමාණයක් බව රජයේ වාර්ථා මගින් පෙන්වාදී ඇත.


එසේම මිලියන 22 වූ මහජනතාවගේ සුභසිද්ධිය සදහා යෙදවීම වෙනුවෙන් ඉන්ධන අලවියේදී රජය බදු අයකරගන්නා අතර, එම බදු වලට සාපේක්ෂව 3% මුදලක් , එනම් සෑම ලීටරයක් සදහාම අමතර රුපියල් 2.86 සිට රුපියල් 4.45 දක්වා මුදලක් බෙදුම්කරුවන් කීපදෙනාකු අතට යෑම මහජනතාවට කරනු ලබන අසාධාරණයකි.  


එසේම මෙම 3% නේ අසාධාරණ වට්ටම වෙනස් කිරීමට විරුද්ධව අතුරු තහනම් නියෝගයක් ගැනීමට බෙදුම්කරුවන් විසින් වරෙක දිසා අධිකරණයේද, වරෙක අභියාචනාධිකරණයේද, වරෙක ශ්‍රේෂ්ඨාධිකරණයේද පිහිට පැතුවද, එම අධිකරණ සියල්ලම මේවන විට එසේ අතුරු තහනම් නියෝගයක් දීම ප්‍රතික්ෂේපකොට ඇති අතර එක් අවස්ථාවකදී අධිකරණය විසින් මෙසේ මහජන මුදල් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් බුක්තිවිදීම අසාධාරණබවද පෙන්වාදී ඇත.

වත්මන් පාලන අධිකාරිය මෙම අසාධාරණ ක්‍රමවේදය ලබන මස පලමු දින සිට අවසන් කිරීමට ගත් නිර්භීත හා නිවැරදි තීරණය මහජනතාවට මහත් අස්වැසිල්ලකි.

එසේම ඛනිජ තෙල් සංස්ථාව සතු කාණ්ඩයේ පිරවුම්හල් 230කට අධික ප්‍රමාණයක් පවතින අතර එම පිරවුම්හල් රටේ ජනතාව සතු පොදු දේපලකි. එවන් දේපල පරිහරණය කරමින් ජනතාවට අගතියක් සිදුකරයි නම් , එය වහා නතර කළ  යුතුය  යන බව සංස්ථාවේ අදහස වී ඇත.

(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...