The Leader News
BREAKING
Top Ad
Biz

වැල්ලවාය සුසා බේකර්ස් සම්මාන ලබයි

T

The Leader Desk

March 3, 2025 • 6:32 AM

 වැල්ලවාය සුසා බේකර්ස් සම්මාන ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මානව හිමිකම් ලංකා සංවිධානය විසින් විවිධ ක්ෂේත්‍ර 20ක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නාමය බැබළවීමට කටයුතු කළ වෘත්තීයවේදීන්, අයෝජකයින්, දිරිමත් ව්‍යවසායකයින්, කාන්තාවන් ඇතුළු දිරියෙන් තම ජීවිත ජයගත් උත්සාහවන්තයින් ඇගයීමේ සම්මාන උලෙළක් සංවිධානය කොට තිබිණි.
  • වසර 2020දී ඉතා කුඩාවට ආරම්භකළ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ආ සුසා බේකර්ස් ආයතනය මේ වන විට ඌව පළාතේ අඩුම කාලයකින් අයිසින් කේක් නිෂ්පාදනය කොට පාරිභෝගික ජනතාවට ලබා  දෙන ආයතනය ලෙස කීර්තියක් අත්කරගෙන ඇත.
  • ප්‍රදේශයේ තරුණ තරුණියන් 35 දෙනෙකුට ඍජුව රැකියා සපයා ඇති මෙම ආයතනය වක්‍රව සමාජ ආර්ථික දියුණුවට සහයෝගය ලබාදෙමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී නැගීඑන ආහාර සැකසුම් නිෂ්පාදන සන්නාමයට හිමි ජාතික සම්මානය දිනා ගැනීමට වැල්ලවාය තරුණ ව්‍යවසායක සුසන්ත සංජීවගේ ‘සුසා බේකර්ස්’ ආයතනය සමත් විය.

වසර 2020දී ඉතා කුඩාවට ආරම්භකළ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ආ සුසා බේකර්ස් ආයතනය මේ වන විට ඌව පළාතේ අඩුම කාලයකින් අයිසින් කේක් නිෂ්පාදනය කොට පාරිභෝගික ජනතාවට ලබා  දෙන ආයතනය ලෙස කීර්තියක් අත්කරගෙන ඇත. ප්‍රදේශයේ තරුණ තරුණියන් 35 දෙනෙකුට ඍජුව රැකියා සපයා ඇති මෙම ආයතනය වක්‍රව සමාජ ආර්ථික දියුණුවට සහයෝගය ලබාදෙමින් සිටී.

ඊට අදාළ සම්මානය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත්දා පැවැති උලෙළේදී හිටපු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන අතින් සුසන්ත සංජීව ලබා ගන්නා අයුරුයි මේ.

(සටහන | ජයසිරි මුණසිංහ ) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැල්ලවාය සුසා බේකර්ස් සම්මාන ලබයි | The Leader