සම්මාන උළෙල සඳහා සෑම ප්‍රාන්තයකම සිටින කුඩා ව්‍යාපාර හිමියන් අයදුම් කරයි.
එම සම්මාන උළෙලේ කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුවන ලලන්ත ද සිල්වාගේ Groovy Graphics and Signs ආයතනය නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.
ඔස්ට්‍රේලියාවේ සියලූම ප්‍රාන්තවල සිටින කුඩා ව්‍යාපාරහිමියන් 5,500 දෙනෙකු මෙවර සම්මාන උළෙල සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.
පැවති අධික ඉල්ලුම හේතුවෙන් අයදුම්පත් භාරගැනීමේ කාලය සති දෙකකින් දීර්ඝ කිරීමටද සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ලලන්ත ද සිල්වා ගේ Groovy Graphics and Signs ආයතනය සම්මාන උළෙලේ අවසන් වටය සඳහා BUSINESS SERVICES සහ RETAIL SOLE OPERATOR යන කාණ්ඩ දෙක සඳහා නිර්දේශ වී ඇති බව සංවිධායක මණ්ඩලය දැනුම් දී ඇත.
Graphic Designer සහ Sign Writerවරයෙකු වන ලලන්ත ද සිල්වා Groovy Graphics and Signs ආයතනය ආරම්භ කර තිබුනේ 2000 වසරේ දීය.
වසර 25කට ආසන්න කාලයක් එම ආයතනය විසින් ඔස්ට්‍රේලියාවේ Signage industry එක සඳහා කර ඇති මෙහෙය වෙනුවෙන ඔහු පසුගිය වසරේ ඇගයීමටද ලක්වුණි.
ඔස්ට්‍රේලියාවේ සියලූම ප්‍රාන්තවල සිටින ලියාපදිංචි කුඩා ව්‍යාපාරහිමියන් ඉලක්ක කර, ඔවුන් දිරි ගැන්වීම සඳහා සිදු කරනු ලබන එකම සම්මාන උළෙල මෙය වේ.
| adaderana



