The Leader News
BREAKING
Top Ad
Biz

'ස්මාට් වින්' සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්

T

The Leader Desk

March 15, 2025 • 5:33 AM

'ස්මාට් වින්' සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල "ස්මාට් වින්" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඊයේ (14) නියෝග කළාය .
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචා විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වල්ලා පට්ටා ව්‍යාපෘතියත් පවත්වාගෙන යන මුවාවෙන් මෙම සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවය.
  • ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් බාරගෙන රුපියල් කෝටි තුන බැගින් කොමිස් ලබාගෙන ඇති සැකකරුවන් හා විත්තිකාර ආයතනයේ නිලධාරින් ඇතුළු 22 ක් ජනතා මුදල්වලින් තායිලන්තයේ විදේශ සංචාරයක ද නිරත වී ඇති බව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


සැකකාර සමාගම ස්මාට් වින් නමින් පවත්වාගෙන ගිය වෙබ් අඩවියය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචා විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වල්ලා පට්ටා ව්‍යාපෘතියත් පවත්වාගෙන යන මුවාවෙන් මෙම සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් බාරගෙන රුපියල් කෝටි තුන බැගින් කොමිස් ලබාගෙන ඇති සැකකරුවන් හා විත්තිකාර ආයතනයේ නිලධාරින් ඇතුළු 22 ක් ජනතා මුදල්වලින් තායිලන්තයේ විදේශ සංචාරයක ද නිරත වී ඇති බව පැවසීය.

( lankadeepa | රෝෂන් තුෂාර)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...