The Leader News
BREAKING
Top Ad
Biz

බඩඉරිගු ආනයනයට ගනු ලැබූ තීරණය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි

T

The Leader Desk

March 17, 2025 • 3:03 PM

බඩඉරිගු ආනයනයට ගනු ලැබූ තීරණය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්ව ආහාර නිෂ්පාදන සහ සත්ව ආහාර නිෂ්පාදනය හා අනෙකුත් කර්මාන්ත සඳහා බඩඉරිගු ආනයනය කිරීමට ගනු ලැබූ තීරණය
  • සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වසර 2024 සිට 2025 ජනවාරි 31 වෙනිදා දක්වා බඩ ඉරිගු මෙට්ට්‍රික් ටොන් 275000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව එම සාකච්ඡාවේදී නිලධාරිහු අවධාරණය කර ඇත.
  • මෙරට වාර්ෂික බඩ ඉරිගු අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හයක් බවත් එම ප්‍රමාණය රටින් සපයා ගැනීමට නොහැකි බවත් මෙහිදී අනාවරණය වී ඇත.
  • මෙම ජාවාරම්කරුවන් සිදුකරගෙන යන එම ක්‍රියාවලිය වැළැක්වීම සඳහා බඩ ඉරිගු ආනයනය කිරිම තුළින් මිල පාලනයක් ඇතිවන බවත් එම නිසා ඇමැතිවරයා ගත් තීරණය ඉතාම යහපත් බවත් මාතලී ජයසේකර ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර රජයෙන් ඉල්ලීමක් කරයි.

 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී.ලාල් කාන්ත ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා එම අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වී සිදුකළ සාකච්ඡාවේදී පිටරටින් බඩ ඉරිගු ගෙන්වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වසර 2024 සිට 2025 ජනවාරි 31 වෙනිදා දක්වා බඩ ඉරිගු මෙට්ට්‍රික් ටොන් 275000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව එම සාකච්ඡාවේදී නිලධාරිහු අවධාරණය කර ඇත.

මෙරට වාර්ෂික බඩ ඉරිගු අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හයක් බවත් එම ප්‍රමාණය රටින් සපයා ගැනීමට නොහැකි බවත් මෙහිදී අනාවරණය වී ඇත.


මේ වන විට රට තුළ නිපදවන බඩ ඉරිගු ඇතැම් ජාවාරම් කරුවන් විසින් කිලෝවක් රුපියල් 130ත් 140ත් වැනි මිලකට මිලදි ගෙන තොග රැස් කර ගෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කිලෝවක් රුපියල් 200ක් වැනි මිලිකට අලෙවි කිරීමට උත්සහයක් පවතින බවත් එය බිත්තර සහ කුකුල් මස්වල උත්සව සමයේ ඉහළ යාමට විශාල වශයෙන් බලපෑමක් ඇති කරනු ඇති බවත් සත්ත්ව ආහාර නිෂ්පාදකයෝ සඳහන් කරති.


මෙම ජාවාරම්කරුවන් සිදුකරගෙන යන එම ක්‍රියාවලිය වැළැක්වීම සඳහා බඩ ඉරිගු ආනයනය කිරිම තුළින් මිල පාලනයක් ඇතිවන බවත් එම නිසා ඇමැතිවරයා ගත් තීරණය ඉතාම යහපත් බවත් මාතලී ජයසේකර ප්‍රකාශ කළේය.

(සටහන | ජේ.මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...