ඇතැයි සීමාසහිත සහස්ධනවි සමාගම පවසයි.
මෙම ව්‍යාපෘතිය කෙරෙහි විවේචන එල්ල වීමට ප්‍රධාන හේතුවක් වුයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කරන ලද කැබිනට් පත්‍රිකාවේ අඩංගු සමතුලිත ගාස්තුව (Levelized Tariff) සම්බන්ධයෙන් ඇති වැරදි වැටහීමක් බවත් සමාගම කියයි.
කැබිනට් පත්‍රිකාවේ සඳහන් අගය ප්‍රසම්පාදන ලංසු ලේඛනයේ පළ කරන ලද නිර්ණායක අනුව ගණනය කරන ලද සමතුලින ගාස්තුවක් වන අතර, විවිධ හේතූන් මත ලංකා විදුලිබල මණ්ඩලය විසින් දරනු ලබන සැබෑ පිරිවැය එහි නියෝජනය නොකරන බවද සහස්ධනවි සමාගම අවධාරණය කරයි.
සමතුලිත ගාස්තුව යනු කොන්ත්‍රාත්කාලය තුළ සාමාන්‍ය ඒකක මිල සඳහා වන න්‍යායික අගයක් වේ. එය ලංසු ක්‍රියාවලියේ ඇගයීම් අරමුණු සඳහා
a) ස්ථාවර ඉන්ධන මිල සහ විනිමය අනුපාත අගයන් අනුව,
b) 100%, 80%, 60% යන ජනන ධාරිතාවයන් වලදී එකිනෙකට වෙනස් වූ ක්‍රියාකාරී පැය ගණන් වලදී, හා
c) 25 වසරක ව්‍යාපෘති කාලය සඳහා වාර්ෂිකව 10% ක වට්ටම් අනුපාතයක් සහ ස්ථාවර පාරිභෝගික මිල දර්ශක අනුව කරන ලද ගණනය කිරීමකි.
b) 100%, 80%, 60% යන ජනන ධාරිතාවයන් වලදී එකිනෙකට වෙනස් වූ ක්‍රියාකාරී පැය ගණන් වලදී, හා
c) 25 වසරක ව්‍යාපෘති කාලය සඳහා වාර්ෂිකව 10% ක වට්ටම් අනුපාතයක් සහ ස්ථාවර පාරිභෝගික මිල දර්ශක අනුව කරන ලද ගණනය කිරීමකි.
එසේ කරනු ලබන්නේ සියලුම ලංසුකරුවන් ඇගයීමේදී සාධාරණත්වය සහතික කිරීම සඳහා පමණක් වන අතර, සැබෑ ගෙවීම් ඉන්ධන පිරිවැය, විනිමය අනුපාතය, පාරිභෝගික මිල දර්ශකය වැනි විචල්‍යයන් කිහිපයක් මත රඳා පවතින බැවින් බලාගාරයට සිදු කරන සැබෑ ගෙවීමි එමඟින් පිළිබිබු නොකෙරේ.
අවසන් කරන ලද බලය මිලදී ගැනීමේ ගිවිසුම (PPA) 2024 දෙසැම්බර් වන විට සූදානම්ව තිබූ අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය විය.
2025 ජනවාරි 31 දිනැති කැබිනට් පත්‍රිකාවේ රු. 20.15/kWh සමතුලිත ගාස්තුව ගණනය කර ඇත්තේ ද RFP හි ප්‍රකාශයට පත් කරන ලද උපකල්පන මත පදනම්වය.
සමතුලිත ගාස්තුව වෙනත් ආකාරයකින් ගණනය කිරීම ඇත්ත වශයෙන්ම RFP නිර්ණායක අනුව නොමඟ යවන සුළු සහ වැරදි සහගත වනු ඇත. බොහෝ විවේචකයන් චෝදනා කරන්නේ, බලාගාරය දැනට ක්‍රියාත්මක වූයේ නම් 2025 දී ගෙවිය යුතු සැබෑ ගාස්තුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවයි.
කෙසේ වෙතත්, බලාගාරය 2028 දී පමණක් එහි පළමු විදුලි ඒකකය ජනනය කිරීමට අපේක්ෂා කරන බැවින්, 2025 සඳහා ගාස්තුවක් උපුටා දැක්වීම අර්ථ විරහිත සහ සාවද්‍ය කරුණකි. තවද, අතීතයේ සෑම කැබිනට් පත්‍රිකාවකම " සමතුලිත ගාස්තුව" මත පදනම්ව අනුමැතිය ලබා දී ඇති අතර, මෙම අවස්ථාවේදී එම ප්‍රවේශයම අනුගමනය කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් සමතුලීන ගාස්තුව සහ PPA එක සමාලෝචනය කර, 2025 අප්‍රියෙල් 01 දිනැති ඔවුන්ගේ ලිපිය මගින් අනුමත කර ඇත.
තවද PPA එක සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද 2025 ජනවාරි 30 දින ලබාදී ඇති බවද සීමාසහිත සහස්ධනවි සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
(සටහන | ජේ.මුණසිංහ)





