The Leader News
BREAKING
Top Ad
Biz

ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබද සමාරම්භක සැසිය ඊයේ කොළඹදී

T

The Leader Desk

August 15, 2025 • 5:34 AM

ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබද සමාරම්භක සැසිය ඊයේ කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ව්‍යාපාරික මිත්‍රත්ව සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යමින් ආයෝජන කේෂ්ත්‍රයේ ද සිය ස්ථාවර බව පෙන්නුම් කිරීමට දෙරටම සමත්ව වන ආකාරයේ නව වැඩපිළිවෙළක් ආරම්භ වී ඇත.
  • ලංකාවේ ක්‍රියාත්මක ජපන් සමාගම් තම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම, දැනට පවතින ව්‍යාපෘති පුළුල් කිරීම හා නව ආයෝජන අවස්ථා සඳහා මග විවර කිරීම මෙම සැසියේ අරමුණ විය.
  • සමාරම්භක සැසියෙහි සහ පළමු ක්‍රියාකාරී මට්ටමේ රැස්වීම ද  වඩාත් ඵලදායක වූ බව ඊට එක් වූ සැමගේ අදහස විය.
  • කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජනත්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ජපාන ආයෝජකයින්, රජයේ ආයතන රැසක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ (WTC) හිදී ඊයේ (14) සවස මෙම සැසිය ඇරඹිණි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ජපාන තානාපති කාර්යාලය, ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) සහ ජපන් වාණිජ මණ්ඩලය (JCCI) සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම් සඳහා සමාරම්භක සැසිය දෙරටටම වඩාත් ඵලදායක බව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  ඇමතිත ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කීය.

ලංකාවේ ක්‍රියාත්මක ජපන් සමාගම් තම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම, දැනට පවතින ව්‍යාපෘති පුළුල් කිරීම හා නව ආයෝජන අවස්ථා සඳහා මග විවර කිරීම මෙම සැසියේ අරමුණ විය.

සමාරම්භක සැසියෙහි සහ පළමු ක්‍රියාකාරී මට්ටමේ රැස්වීම ද  වඩාත් ඵලදායක වූ බව ඊට එක් වූ සැමගේ අදහස විය.

ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ ජපන් ආයෝජන සඳහා වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ  බව මේ සැසිය ඇමතු ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමත අකිඔ (H.E. Ambassador Isomata Akio of Japan ) කිය.

කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජනත්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ජපාන ආයෝජකයින්, රජයේ ආයතන රැසක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

දශක 5කට පෙර එනම් 1972 දී ජපානයේ නොරිටෙක් ආයතනය සහ මෙරට ලංකා පිගන් මැටි සංස්ථාව අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ  සිදුකළ ව්‍යාපාරික අවස්ථා පිළිබඳ මෙහිදී සිහිපත් කෙරිණි.

එතැන් පටන් මේ දක්වා විවිධ කේෂ්ත්‍රයන්හි ජපාන ආයෝජනයන් මෙරටේ සිදු කොට ඇත.

මේ වනවිට ජපානය විසින් නිෂ්පාදන, කෘෂිකර්මාන්තය, සංචාරක, සේවා, ඇඟලුම් සහ යටිතල  පහසුකම් වැනි විවිධ අංශයන්හි ආයෝජනය කර ඇත. මේ තුළින් න් සෘජු රැකියා අවස්ථා 9000කට වැඩි ප්‍රමාණයක් ජනිතව ඇත.


ජපානය ශ්‍රී ලංකාවේ වැදගත්ම වෙළඳ හවුල්කරුවෙකු ලෙස රැඳී සිටින අතර එම නිසා දෙරට අතර වෙළඳාම තරමක සමබර සම්බන්ධතාවයක් පෙන්නුම් කරයි.

* වසර 2024 දී මෙරටින් ජපානයට යැවූ භාණ්ඩ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 179.24  ආදායමක් ලැබී තිබේ.

* ජපානයෙන් මෙරටට ගෙන්වූ භාණ්ඩ සඳහා වැය වූ මුදල එම වසරේදී (2024) ඇමරිකානු ඩොලර් මිලියන 253.51 කි.


ශ්‍රී ලංකාව විසින් තොග වශයෙන් තේ, අගය එකතු කළ තේ පැකට්, සත්ත්ව ආහාර, රබර්, කොකෝ පීට්, ෆයිබර් නිෂ්පාදන, ඇගළුම් , විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ඉස්සන්, සක්‍රිය කාබන් සහ කාර්මික සහ ශල්‍ය අත්වැසුම් ආදී නිෂ්පාදනයන් ජපානයට අපනයනය කරයි.

ජපානය විසින් ශ්‍රී ලංකාවට විදුලි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, මෝටර් වාහන සහ කොටස්, කෘතිම රබර්, රසායනික නිෂ්පාදන, රෙදිපිළි, ප්ලාස්ටික් නිෂ්පාදන, බොයිලේරු, පිස්ටන් එන්ජින්, පොම්ප, මූලික ලෝහ නිෂ්පාදන සහ කාබනික රසායනික ද්‍රව්‍ය ආදී භාණ්ඩ අපනයනය කරයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ සමාගම් 71ක මෙහෙයුම්වල නිරත වේ. ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි නොවූ සමාගම් ද විශාල ප්‍රමාණයක් මෙරට මෙහෙයුම් වල නිරත වේ.

japan BU

japan BU 1

japan BU 2

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබද සමාරම්භක සැසිය ඊයේ කොළඹදී | The Leader