The Leader News
BREAKING
Top Ad
Biz

ජපාන ආයෝජකයන්ට ශ්‍රි ලංකාවේ වෙනම කර්මාන්ත පුරයක්

T

The Leader Desk

August 15, 2025 • 7:11 AM

ජපාන ආයෝජකයන්ට ශ්‍රි ලංකාවේ වෙනම කර්මාන්ත පුරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ සිටින ප්‍රකට ආයෝජකයන් මෙන්ම ඕනෑම තරාතිරමක ආයෝජකයන් සඳහා ම වෙන් වූ කර්මාන්තපුරයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අදහස ක්‍රියාත්මක කිරීමට තමන් සමග එක්වන්නයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
  • එම නිසා සෙසු රටවල ආයෝජකයින්ට වඩා වැඩි කැමැත්තක් ශ්‍රී ලාංකිකයෝ ජපාන ආයෝජකයන්ට දක්වති.
  • ජපාන ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ සුවිශේෂි ස්ථානයක් ලබාදෙමින් වෙනමම කර්මාන්ත පුරයක්, ආයෝජන කලාපයක් ආරම්භ කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තමන් සමග එක්වන ලෙස ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (14)පැවති ශ්‍රී ලංකා ජපාන ආයෝජක සැසීය සහ හමුව අවස්ථාවේදී සභාපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ජපානය කැමැත්තෙන් සිටින අතර ජපාන ආයෝජකයින්ගේ සංස්කෘතික, කර්මාන්තකරණයේ ප්‍රමෝපාය සහ වැඩ කිරීමේ ක්‍රමවේද සෙසු රටවල ආයෝජකයින් සමඟ සසදා බැලීමේදී වෙනස්කම් පවතී.

එම නිසා සෙසු රටවල ආයෝජකයින්ට වඩා වැඩි කැමැත්තක් ශ්‍රී ලාංකිකයෝ ජපාන ආයෝජකයන්ට දක්වති. ජපාන ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ සුවිශේෂි ස්ථානයක් ලබාදෙමින් වෙනමම කර්මාන්ත පුරයක්, ආයෝජන කලාපයක් ආරම්භ කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තමන් සමග එක්වන ලෙස ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

(සටහන | ජේ. මුණසිංහ)

සබැඳි පුවතක් :

ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබද සමාරම්භක සැසිය ඊයේ කොළඹදී


japan BU

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...