* ආයෝජන ඉල්ලුම්පත්‍රයේ සිට අනුමැතිය දක්වා සියලු කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ
* නව ඔන්ලයින් ක්‍රමවේද තාක්ෂණය සියයට සියයක්ම ආයෝජන මණ්ඩලයේ පිරිසගෙන්මයි
* ආයෝජකයන්ට කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු සේවාවක් සැපයේ
* මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළ ඇරැඹේ
රටක් ලෙස ශ්‍රී ලංකාව දෙස් විදෙස් ආයෝජන දිනා ගැනීම සඳහා ලෝකයේ දියුණු අනුගමනය කරන ආයෝජන ඉල්ලුම්පත් භාරදීමේ පටන් ඊට අනුමැතිය ලැබෙන තෙක් වූ සම්පූර්ණ ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමවේදයට සිදුකිරීමේ පහසුකම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊයේ (25) ආරම්භ කළේය.
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ සවස පැවැති BOI GateWay ඔන්ලයින් පහසුකම නිල වශයෙන් හඳුන්වාදීම සිදුකෙරිණි.
එහිදී අදහස් දැක් වූ අමාත්‍යාංශ ලේකම්වරයා,
''මෙවැනි පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් ආයෝජකයින්ගේ ඍජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සිදුවෙනවා. එය සමඟම බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට සීමා නොවූ සමස්ත සංවර්ධනයක් මුළු රට පුරාම සිදුකිරීමට හැකියාව ලැබිය යුතුයි.
මෙවැනි පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අපේ රටේ සංවර්ධනයට දායක වීමට ආයෝජකයන්ට පුළුවන්කම ලැබෙනවා. අවසානයේ මෙවැනි කාර්යක්ෂම සහ වඩාත් විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලීන් හරහා රටේ සෑම පුරවැසියකුටම ප්‍රතිලාභ හිමිවිය යුතුයි.
පුරවැසියන් දැනට වඩා ඉහළ මට්ටමකට රැගෙන ඒමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම වත්මන් රජයේ අරමුණ යැයි ද කියා සිටියේය.
''නව පහසුකම යටතේ දවසේ පැය 24 පුරාම සතියේ දින හත පුරාම ඕනෑම ආයෝජකයකුට නව ආයෝජනයක් සම්බන්ධයෙන් ඉල්ලුම්පත් ඉදිරිපත් කොට ඊට අනුමැතිය ලැබෙන තෙක්ම ක්‍රියාවලින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදුකරගත හැකිය. එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසයේ සදා සනිටුහන් වන සිද්ධියක්. මෙවැනි කටයුත්තක් ආරම්භ කිරීම පිළිබඳව අප ඔවුන්ට ස්තුතිය පුද කරනවා.''
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්,
නව දෙස් විදෙස් ආයෝජන රටට ගෙන ඒමට අමතරව අපේ රටේ අලුත් කර්මාන්තපුර ආරම්භ කිරීමට අප පියවර ගන්නවා. මේ වසර නිමා වනවිට අලුතින් කර්මාන්තපුර දෙකක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ලබන වසරේ මුල් මාස තුන නිමවනවිට තවත් කර්මාන්තපුර පහක් ඇරඹීමට සැලසුම් කොට තිබෙනවා. ඒ අනුව අලුතින්ම කර්මාන්තපුර හතක් ඉදිකිරීම ඉලක්කයයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන්,
කඩදාසි රහිත ආයෝජන පහසුකම් සඳහා අනුමැතීන් ලබා දෙන ක්‍රමවේදයක් අපි ආරම්භ කළා. අප මණ්ඩලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයකට ලක් කරනවා. ඒ තුළින් වඩාත් විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම සේවාවක් ආයෝජකයන්ට ලබා ගැනීමට හැකි වෙනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු චන්න මෙන්ඩිස් ද මෙහිදී අදහස් දැක් වූහ.
(සටහන |ජේ. මුණසිංහ)




