The Leader News
BREAKING
Top Ad
Biz

මැණික් වෙළෙඳුන් සහ පතල්කරුවන්ට ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය අත දෙයි

T

The Leader Desk

August 28, 2025 • 12:23 PM

මැණික් වෙළෙඳුන් සහ පතල්කරුවන්ට ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය අත දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ඈත පිටිසර පළාත් වලින් හමුවන මැණික්වලට ඉහළ හා සාධාරණ මිලක් කොළඹ මැණික් වෙළෙඳ පොළ තුළ ලබා දෙමින් ඇරඹි දේශීය මැණික් පොළ ක්‍රමවේදය තව දුරටත් පුළුල් කරමින් මෙරට මැණික් පතල්කරුවන්ට සහ වෙළෙඳුන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත යොමු කිරීමේ නව වැඩ පිළිවෙලක් ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය විසින් ආරම්භ කොට තිබේ.
  • ඒ අනුව ආධුනික මැණික් වෙළෙඳුන්ට විදේශ වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීමට ඉඩ කඩ සලසා දෙමින් එම අත්දැකීම ලබා ගැනීමට මෙන්ම තව දුරටත් මැණික් වෙළෙඳාම පිළිබඳව ගැඹුරින් කරුණු අධ්‍යයනය කිරීමට ඉඩකඩ සලසාදීම සිදුකරන බවද තිලකසිරි විතාරණ කීය.
  • මැණික් අලෙවිය සහ මැණික් සහ සම්බන්ධ සියලු කාර්යයන් පිළිබඳ පුහුණුවක් දේශීය හා විදේශීය විද්වත් උපදේශකවරුන්ගෙන් ලබා දීමද මෙමගින් බලාපොරොත්තුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව කොළඹ මැණික් වෙන්දේසියන්ට අමතරව තායිලන්තය, සිංගප්පූරුව, ජපානය, ඇමරිකාව ඇතුලු ලොව පිළිගත් මැණික් වෙළෙඳ පොළවල් වෙත මෙරට වෙළෙඳුන්ගේ මැණික් යොමු කිරිමට තමන් කටයුතු කරන බව ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිලකසිරි විතාරණ ප්‍රකාශ කළේය.

මෙරට ආධුනික මැණික් වෙළෙඳුන්ට, පතල්කරුවන්ට මෙරටින් පිට මැණික් වෙළෙඳාම් කිරීමේ අත්දැකීම්, අවස්ථා සලසා දීම තමන් සිදු කරන බවද ඔහු කීය. ඒ අනුව ආධුනික මැණික් වෙළෙඳුන්ට විදේශ වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීමට ඉඩ කඩ සලසා දෙමින් එම අත්දැකීම ලබා ගැනීමට මෙන්ම තව දුරටත් මැණික් වෙළෙඳාම පිළිබඳව ගැඹුරින් කරුණු අධ්‍යයනය කිරීමට ඉඩකඩ සලසාදීම සිදුකරන බවද තිලකසිරි විතාරණ කීය.

රට රටවල මැණික් අලෙවි මධ්‍යස්ථාන සහ පුහුණු වැඩසටහන් වලට ශ්‍රී ලාංකික පිරිසට ඉඩ

මෙරටින් තෝරා ගනු ලබන ආධුනික මැණික් වෙළෙඳුන් පතල්කරුවන් පිරිසකගේ කණ්ඩායමක් මුලින්ම ලෝකයේ ජාත්‍යන්තර මැණික් අලෙවි මධ්‍යස්ථානයක් සේ ප්‍රකට තායිලන්තයේ තිබෙන ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට කටයුතු කරන බවත් එය ලබන මස මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා කීය.

මැණික් අලෙවිය සහ මැණික් සහ සම්බන්ධ සියලු කාර්යයන් පිළිබඳ පුහුණුවක් දේශීය හා විදේශීය විද්වත් උපදේශකවරුන්ගෙන් ලබා දීමද මෙමගින් බලාපොරොත්තුවේ.

කොළඹින් දුර බැහැර ප්‍රදේශවල මැණික් පතල්කරුවන්ට, සුළු හා මධ්‍යපරිමාණ මැණික් අලෙවිකරුවන්ට සහ මැණික් ගැනුම්කරුවන්ට වඩාත් සාධාරණ සහ ප්‍රමිතියෙන් ඉහළ මැණික් මිලදී ගැනීමට ඉඩකඩ ලබා දෙමින් පසුගිය මාස කිහිපය පුරා සිංහ ඔක්ෂන් සමාගම මැණික් පොළ සහ වෙන්දේසි රැසක් පවත්වා තිබේ.

එම අත්දැකීම් පාදක කර ගනිමින් ඉදිරියේදී පැවැත්වීමට ජාත්‍යන්තර මැණික් වෙළෙඳ පොළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික පිරිස් යොමු කිරීමේ කටයුතු සඳහා අනුග්‍රහකත්වය ලබා දීමට සිංහ ඔක්ෂන් සමාගම සූදානම්වී සිටී.

(සටහන | ජේ.මුණසිංහ)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...