The Leader News
BREAKING
Top Ad
Biz

මෙරට නිෂ්පාදිත ඖෂධ ලෝක වෙළඳපොලට - ප්‍රථම තොගය සැම්බියාවට

T

The Leader Desk

September 4, 2025 • 4:49 PM

මෙරට නිෂ්පාදිත ඖෂධ ලෝක වෙළඳපොලට -  ප්‍රථම තොගය සැම්බියාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • v සියයට 100 (100%ක) දේශීය සමාගමක් ඖෂධ අපනයනයට එක් වූ මුල් වතාව
  • ශල්‍ය කර්මසදහා භාවිතා කරන එන්නත් මෙම අපනයනය සදහා නිෂ්පාදනය කෙරුණු අතර එම ඇනවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3කි.
  • මීට අමතරව තවත් ඖෂධ ගනනාවක් තම සමාගම නිෂ්පාදනය කරන අතර, එම නිෂ්පාදනද  තත්ත්වයෙන් හා ගුණාත්මක බවින් හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බවද පවසයි.
  • යාදෙන් සමාගමට මේ වනවිටත් සෝමාලියාව, අසර්බයිජානය, යුරෝපා හා ආසියානු රටවලින් ඇනවුම් ලැබී ඇති බවත්, ඉදිරියේදී මෙම රටවලටද තම නිෂ්පාදන අපනයනය කරන බවත් බවත් ඒ තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආදායමක් අපේක්ෂා කරන බවත් ශෂිමාල් දිසානායක සදහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

v ඇනවුමේ වටිනාකම ඇ.ඩො.මිලියන 3 ක්

v තවත් බොහෝ රටවලින් ඉල්ලුම්

v ආදායම ඇ.ඩො.මිලියන 10දක්වා ඉහළ නැංවීමට අපේක්ෂාව

v කර්මාන්ත ශාලාව පුළුල් කිරීමටත් පියවර

v ආනයන ආදේශක නිෂ්පාදනයට B O I  දිරි ගැන්වීම් 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපයේ පිහිටි යාදෙන් ලැබොරේටරීස් (Yaden Laboratories) පෞද්ගලික සමාගම වසර 3ක කාලයක සිට මෙරට අවශ්‍යතා සදහා ඖෂධ නිෂ්පාදනය කරයි.

එම සමාගම ඖෂධ අපනයනටයද එක් වෙමින් ප්‍රථම වතාවට සැම්බියානු රජයට මෙරට නිෂ්පාදිත දියර එන්නත් (Liquid Injectable) අපනයනය ඊයේ  (03) දින ආරම්භ කෙරිණි.

ශල්‍ය කර්මසදහා භාවිතා කරන එන්නත් මෙම අපනයනය සදහා නිෂ්පාදනය කෙරුණු අතර එම ඇනවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3කි. දේශීය සමාගමක් විසින් මෙරට නිෂ්පාදිත ඖෂධ ජාත්‍යන්තර වෙළදපොල වෙත නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

එන්නත් මිලියන 6කට වැඩි ප්‍රමාණයක් දේශීය වශයෙන් සපයා ඇත

ghfhty55g
යාදෙන් සමාගමේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ශෂිමාල් දිසානායක  අදහස් දක්වමින් “තම සමාගම ගුණාත්මක බවින් ඉහල ඖෂධ නිෂ්පාදනය සාර්ථකව සිදු කරන බවත්, මේ වනවිට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එන්නත් මිලියන 6කට වැඩි ප්‍රමාණයක් දේශීය වශයෙන් සපයා ඇති බව පැවසීය. මීට අමතරව තවත් ඖෂධ ගනනාවක් තම සමාගම නිෂ්පාදනය කරන අතර, එම නිෂ්පාදනද  තත්ත්වයෙන් හා ගුණාත්මක බවින් හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බවද පවසයි.

යාදෙන් සමාගමට මේ වනවිටත් සෝමාලියාව, අසර්බයිජානය, යුරෝපා හා ආසියානු රටවලින් ඇනවුම් ලැබී ඇති බවත්, ඉදිරියේදී මෙම රටවලටද තම නිෂ්පාදන අපනයනය කරන බවත් බවත් ඒ තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආදායමක් අපේක්ෂා කරන බවත් ශෂිමාල් දිසානායක සදහන් කරයි.

ලැබෙමින් පවතින ඇනවුම් ඉහල යාමත් සමග තම කර්මාන්ත ශාලා පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයකින් කර්මාන්තශාලා පුළුල් කිරීමටද අපේක්ෂා කරන බව යාදෙන් සමාගම පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපනයන ආදායම ඉහල නැංවීමට කටයුතු කරන අතරම ආනයන ආදේශක නිෂ්පාදනයටද ආයෝජකයින් උනන්දුවක් දක්වන බව කටුනායක ආයෝජන කලාපයේ අධ්‍යක්ෂ රන්ජන් සිබේරා පවසයි.

මෙම සමාගම දේශීය ඖෂධ අවශ්‍යතාවය සපුරාලීමට දායකත්වයක් දක්වනා මෙන්ම, අපනයන ආදායමද ඉහල නැංවීමට දරන දායකත්වය අගය කළයුතු බව සිබේරා කියා සිටියි.

(සටහන | ජේ.මුණසිංහ)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...