ඒ, එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා - ''වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට? ''
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා - "මේ වසරට බිලියන 460ක්."
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා - ''ඒක වෙනස් වුණේ නැද්ද''?
වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න - "දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා. මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. අපිට පේනවා බිලියන 700ක් වගේ එන විදියක් පේනවා."
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා - ''ණයවර ලිපි කීයක් ඇරලා තියෙනවාද? ''
වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න - "ඩොලර් මිලියන 1570ක්. සැප්.16 වෙනකම්."
මේ අතර, මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි එහිදී අනාවරණ වුණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා - ''මේ වසරේ සංචාරකයෝ කීයක් එයිද? ''
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය - "මේ වසරේ මිලියන 2.4ත්, 2.5ත් අතර ගණනක් එයි. අපේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වෙන්නේ ඩො.බි.3.5ක් වගේ."
මේ අතර විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී රජයට සිදුව ඇති පාඩුව නිරීක්ෂණය කිරීම සඳහා වෝහාරික විගණනය කඩිනමින් සිදුකරන්නැයි මෙහිදී මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් ඉල්ලා සිටියේය.
"ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා වීසා ගැටලුව ගැන වැරදිකරු වුණා හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ඔහුට තවත් අවුරුදු දෙකක්. දැන් වෝහාරික විගණනය විගණකාධිපතිගේ ඒකට දැන් අවුරුද්දකට වැඩියි. වෝහාරික විගණනය අපි ඉල්ලපු එක, මේ වීසා ගැටලුව ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියපු ඒක තවමත් වෙලා නැහැ. විගණකාධිපතිගෙන් අහන්න පුළුවන්ද ඒක ගැන මේකෙන් රජයට වුණු පාඩුව බිලියන 04කට වැඩියි"
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා - "අපි එයාට ලියමු මේකේ කඩිනම් අවශ්‍යතාවය ගැන"
( adaderana)




