මෙම වෙන්දේසියේදී ගිනස් වාර්තාවක් තබමින් මෙලෙස අලෙවි කෙරුණේ නව විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp) වර්ගය ජපන් යෙන් 125,000කට (ඇමරිකානු ඩොලර් 860) වැනි අතිවිශේෂ මිලකටය.
මේ අනුව, තේ වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි කෙරුණු තේ වර්ගය ලෙස එම තේ වර්ගය ගිනස් වාර්තාවට ඇතුළත්වී තිබේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ 'සිලෝන් විශේෂ වතු තේ' වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසිය (Charity Auction) ජපානයේ ඔසාකා හිදි ඉකුත් 26 වැනිදා පැවැත්විණි. මෙය ශ්‍රී ලංකාව ඔසාකා ලෝක ප්‍රදර්ශනයට (World Expo Osaka) සහභාගීවිමට සමගාමීව සංවිධානය කර තිබුණි.
2025 සිලෝන් විශේෂ වතු තේ තරගයේ ජයග්‍රාහී තේ වර්ග 27 ක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර, දිවයිනේ ප්‍රධාන තේ වගා කලාප හතම (07) නියෝජනය වන පරිදි එම තේ තොග වෙන්දේසිය පැවැත්වුණි.
ජපන් තේ ගැනුම්කරුවන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම වෙන්දේසියට සහභාගී වූහ.
මෙහිදී, සබරගමුව කලාපයේ රන් සම්මානය දිනාගත්, නිව් විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp) කිලෝවක් සඳහා ජපන් යෙන් 125,000 කට අලෙවි කෙරුණි.
මෙම වාර්තාගත මිලට තේ තොගය මිලදී ගනු ලැබුවේ ජාත්‍යන්තර සමාගමක් වන M/s. Jannet International විසිනි.
( aruna.lk | සාලිය කුමාර ගුණසේකර)
New Vithanakande Ceylon Tea enters Guinness World records as most expensive tea ever sold




