ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායක චිරන්ජය උඩුමුල්ලගේ විසින් මෙම අවන්හල ආරම්භ කර තිබේ.
චීනයේ රැකියාවේ නිරත වන සහ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්ට කටට රහට ශ්‍රී ලාංකීය ආහාර වේලක් ලබාගැනීමට සහ චින ජාතිකයන්ට ශ්‍රී ලාංකීය කෑම වේලක රසය ලබාදීමේ අවස්ථාව මෙමඟින් උදාකර තිබේ.
ශ්‍රී ලාංකීය සන්නාම භෝජනාගාර රැසකට තම දායකත්වය ලබා දුන් ප්‍රධාන සූපවේදී නිෂාද් සමරනායක ‘සිනාරා’ අවන්හලේ ප්‍රධාන සූපවේදී ලෙස කටයුතු කරන අතර අවන්හල් කළමනාකරු ලෙස චීනයේ කුන්මින් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරන උපාධිධාරී මනෝජ් ලියනගේ කටයුතු කරනු ලබයි. ඊට අමතරව සූපවේදය පිළිබඳව සුදුසුකම් ලත්, අත්දැකීම් සහිත තරුණ ශ්‍රී ලාංකීය සූපවේදින් දෙදෙනෙකු සහිත කණ්ඩායමක් ලාංකීය ආහාර රසය පිළිගැන්වීම වෙනුවෙන් කටයුතු කරයි.
‘සිනාරා’ අවහන්හලේ නිර්මාතෘ චිරන්ජය උඩුමුල්ලගේ චීනයේ උසස් අධ්‍යාපනය ලැබ, ඉන් අනතුරුව ව්‍යාපාර ක්ෂේත්‍රයට එළඹ, මේ වන චීනයේ අංක එකේ විදෙස් ව්‍යවසායකයෙකු ලෙස කීර්තිය අත්කරගෙන සිටී. උඩුමුල්ල විසින් ශ්‍රී ලාංකික සන්නාමයන් චීනයට හදුන්වාදීම අරමුණු කොට ආරම්භ කරන ලද "Sri Road ශ්‍රී රෝඩ්" ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වෙළද සන්නාම 30 කට ආසන්න සංඛ්‍යාවක් චීනයට හදුන්වා දී තිබේ. මැලිබන්, මන්චී, ප්‍රීමා, රිට්ස්බරී, එලිෆන්ට් හවුස් එම වෙළෙඳ සන්නාම අතරින් කිහිපයකි.
(සටහන | ජේ.මුණසිංහ)






