The Leader News
BREAKING
Top Ad
Biz

සයිනොපෙක් තෙල් පිරිපහදුව ගිවිසුමට සීමාවෙයි?

T

The Leader Desk

October 11, 2025 • 4:18 AM

සයිනොපෙක් තෙල් පිරිපහදුව ගිවිසුමට සීමාවෙයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවබෝධතා ගිවිසුම අත්සන් තබා මාස නවයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක වටිනාකමින් යුත් සයිනොපෙක් තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් තවමත් අත්කර ගෙන නැතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
  • බදු නිදහස් කිරීම් පිළිබඳව සහ පිරිපහදුවේ නිපදවන තෙල්වලින් මෙරට අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම තවමත් තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ නොවීමට හේතුව බව ආරංචි ප්‍රකාශ කළේය.
  • දෙපාර්ශවයට මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් සහ බදු නිදහස් කිරීම් ලබාදීම සම්බන්ධයෙන් තවමත් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.
  • සයිනොපෙක් සමාගම රජයේ තීරණය ලැබෙන තෙක් බලාසිටින බව එම සමාගමේ නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනය මෙහෙයුම් කටයුතු සිදුකරන හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිරිකිරීමට යෝජිත සයිනොපෙක් තෙල් පිරිපහදුව මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජනය ලෙස සැලකෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.

බදු නිදහස් කිරීම් පිළිබඳව සහ පිරිපහදුවේ නිපදවන තෙල්වලින් මෙරට අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම තවමත් තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ නොවීමට හේතුව බව ආරංචි ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම වසර මුලදී චීනයේ සිදුකළ නිල සංචාරයේදී සයිනොපෙක් තෙල් පිරිපහදුව සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

තෙල් පිරිපහදුවේ නිපදවනු ලබන ඉන්ධනවලින් සියයට 20 ක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට සහ ඉතිරිය අපනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව මීට පෙර එකඟත්වය පළ කර තිබූ බවත් මෙරට වෙළෙඳපොළේ සියයට 40 ක් අලෙවි කිරීමට අවසර දෙන ලෙස සයිනොපෙක් සමාගමෙන් පසුව නව යෝජනාවක් ඉදිරිපත් වූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයට මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් සහ බදු නිදහස් කිරීම් ලබාදීම සම්බන්ධයෙන් තවමත් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.
සයිනොපෙක් සමාගම රජයේ තීරණය ලැබෙන තෙක් බලාසිටින බව එම සමාගමේ නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පසුගියදා ප්‍රකාශ කර සිටියේ සයිනොපෙක් තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ආරම්භ කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි.

සයිනොපෙක් තෙල් පිරිපහදුව සඳහා 2023 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවූ බවත් එය දිනකට බොරතෙල් බැරල් ලක්ෂ 2 ක ධාරිතාවකින් යුක්ත බවත් බලශක්ති අමාත්‍යවරයා එහිදී පවසා තිබිණි.


(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...