සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලියැන්ගොං ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී අමාත්‍ය විජිත් හේරත් හමුව තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳාලීමට ලබා දුන් සහයෝගය සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා අගය කර තිබේ.
ඒ අනුව දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් කඩිනමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලියැංගොං එකඟතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ එහි ආර්ථිකයට විදේශ ආයෝජන තුළින් සිදුවන ධනාත්මක බලපෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පවතින බාධා ඉතා ඉක්මණින් විසඳීමට මැදිහත් වන බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
ඒ අනුව ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟතාව ඇති කරගෙන ඇත.
මෙම දූත පිරිස බලශක්ති අමාත්‍යංශය, ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් සම්බන්ධිත ආයතන සමඟ ද අද දිනයේ සාකච්ඡා කිහිපයක් සිදු කිරීමට නියමිත ය.





