බැංකු පද්ධතිය කඩා වැටීමට ඉඩ ඇති බවත්, එය වැළැක්වීමේ අරමුණින් මූල්‍ය ආයතනවල අවසරය මත තම සංගමය නිත්‍යාණුකූලව කටයුතු කරමින් සේවය සපයන බවත් සමස්ත ලංකා දේපල අත්පත් කර ගැනීමේ වෘත්තිකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මෙය ජාතික අවශ්‍යතාවයක් ඉටුකිරීමක් සේ සලකමින් කටයුතු කරන තමන්ට ඇතැම් දෙනා අභූත චෝදනා නගමින් වැරදි සහ අසත්‍ය පතුරවමින් කටයුතු කිරීම හෙලා දකින බවත් එම සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ සදහන් කළේය.
කොළඹ බොරැල්ල ආචාර්ය ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (27) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා එසේ කීවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද සදහන් කළේය.
ලබා ගත් ණය පහසුකම් ආපසු ගෙවීම සැමගේ වගකීමක්...
අප සම්බන්ධයෙන් යම් අසත්‍ය ප්‍රචාරණයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කෙරෙනවා. ඒ වගේම බැංකු පද්ධතිය, ලීසිං සමාගම් ඇතුළු සමස්ත මූල්‍ය පද්ධතියේම බිඳ වැටීමක් සිදුවෙන බවට කියවෙනවා. තැන්පත්කරුවන් තමන්ගේ තැන්පතු ආපසු ලබා ගැනීම පිළිබඳව අවිනිශ්චිතතා මතු වී තිබෙන බව කියවෙනවා. ඒ සියල්ල රටේ ආර්ථික ස්ථාවරත්වය නැති කිරීමට බලපාන ප්‍රකාශ. ඒවායෙන් වන හානිය වැළැක්වීමට සේවා සැපයීම අප සංගමයේ කටයුත්තක්.
තමන් නීතිඥයෙක් බවට හඳුන්වා දෙන පුද්ගලයෙක් සංගමයක් පිහිටුවාගෙන අපගේ සේවයට එරෙහිව ජනතාව නොමඟ යවමින් කටයුතු කරනවා. ණය හා ලීසිං ලබාගත් අයගේ වාරික හා පොලී නොගෙවන ලෙසට බලකරමින් කටයුතු කරනවා. ලබා ගත් ණය පහසුකම් ආපසු ගෙවීම සැමගේ වගකීමක්. නිසි ලෙස ණය හා වාරික ගෙවීමට අපහසු අය නොමඟ යවමින් ඔවුන්ට ඒවා නොගෙවන ලෙස කියමින් ප්‍රශ්නය අවුල් කරනවා. නමුත් අප කටයුතු කරන්නේ නිත්‍යාණූකූලව ඒවා අයකර ගැනිමටයි.
එය සිදුනොවුනොත් සත්‍ය ලෙසම බැංකු පද්ධතියට අහිතකර විශාල බලපෑමක් එල්ල වෙනවා. එය වැළැක්වීමටයි අපි කටයුතු කරන්නේ. අපට චෝදනා නගන පුද්ගලයා විධිමත් වැඩපිළීවෙළ කඩාකප්පල් කිරීමට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටිනවා. එයින්අපේ රටේ මූල්‍ය පද්ධතිය බිද වැටෙන්න ඉඩ තිබෙනවා.
වර්තමාන ජනාධිපතිවරයා රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් කටයුතු කරනවා. එම නිසා ඊට සහයෝගය දැක්වීම අප සංගමය සිදුකරනවා. කුමන රජයක් බලයට පත්වූවත් ණය සහ වාරික ආපසු ගෙවීම ණය ලබා ගත් අයගේ වගකීමක්. එය මග හැරීමට යම් අයෙක් කටයුතු කරනවා නම් වැරදි වැඩක්. එම වැරදිවලට අනුබල දෙන ආකාරයේ සංවිධාන බිහිකිරිමත් වරදක්. ''
(සටහන | ජේ.මුණසිංහ)





