The Leader News
BREAKING
Top Ad
Biz

පරිසර පද්ධතියට හානි නොකොට නිපදවන අපේ භාණ්ඩ සඳහා ලෝක වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක්

T

The Leader Desk

November 2, 2025 • 11:59 AM

පරිසර පද්ධතියට හානි නොකොට නිපදවන අපේ භාණ්ඩ සඳහා ලෝක වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති පරිසර සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි අනුර කුමාර දිසානායක ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ධම්මික සමරවික්‍රම තමාට හිමි සම්මානය පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල අතින් ලබා ගත් අයුරුයි මේ.
  •   පරිසර සම්මානය සහ සහතිකය සමග සභාපති ධම්මික සමරවික්‍රම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෂෙහාන් සමරවික්‍රම, සෙනාල් සමරවික්‍රම ඡායාරූපයේ වෙති.
  •   මේ ආකාරයට අපේ රටේ නිෂ්පාදන වඩාත් පරිසර හිතකාමී ලෙස සිදු කොට ලෝකයේ ඉහළ වටිනාකම් ගෙවන වෙළෙඳ පොළවල් වෙත අපනයනය කිරීමට සියලු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් හා කර්මාන්තකරුවන් කටයුතු කළ යුතු බවත් ඔහු සිහිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පරිසර පද්ධතියට හානි සිදු නොකොට කර්මාන්ත කරණයක නියැලීම තුළින් අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ඉහළ ධනවතුන් ගෙන් පිරි ලෝක වෙළෙඳ පොළේ විශාල වෙළෙඳ පොළක් දිනා ගැනීමට හැකි බව මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම ප්‍රකාශ කළේය.


මේ වසරේ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝහමය ෆෙරස් නොවන / යන්ත්‍රෝපකරණ / ඉලෙක්ට්‍රොනික / විදුලි භාණ්ඩ හා උපකරණ ආශ්‍රිත කර්මාන්තකරණය සඳහා වූ “ ඒ“ සහ “බී“ කාණ්ඩයේ ලෝකඩ සම්මානය තම ආයතනයට දිනා ගැනීමට හැකිවූ බවත් පැවසූ සභාපතිවරයා මෙම ජයග්‍රහණය වසර තිහක් සපිරෙන තම ආයතනයට විශාල අගය කිරීමක් වනු ඇති බවත් සමරවික්‍රම කීය.

පරිසර පද්ධතියේ තිරසර භාවය වෙනුවෙන් දැක්වූ විශිෂ්ඨ දායකත්වය සහ කර්මාන්තකරණය තුළින් රටේ ආර්ථිකයට දක්වන ඉහළ නැමියාව මෙම සම්මානය තුළින් අගය කළ බවද ඔහු කීය.

 

WhatsApp Image 2025 11 02 at 4.44.11 PM

පරිසර සම්මානය සහ සහතිකය සමග සභාපති ධම්මික සමරවික්‍රම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෂෙහාන් සමරවික්‍රම, සෙනාල් සමරවික්‍රම ඡායාරූපයේ වෙති.

 

මේ ආකාරයට අපේ රටේ නිෂ්පාදන වඩාත් පරිසර හිතකාමී ලෙස සිදු කොට ලෝකයේ ඉහළ වටිනාකම් ගෙවන වෙළෙඳ පොළවල් වෙත අපනයනය කිරීමට සියලු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් හා කර්මාන්තකරුවන් කටයුතු කළ යුතු බවත් ඔහු සිහිපත් කළේය.

මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ උප සභාපතිනී කුමාරි සමරවික්‍රම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ෂෙහාන් සමරවික්‍රම, සෙනිත් සමරවික්‍රම, සෙනාල් සමරවික්‍රම ඇතුලු තම කාර්ය මණ්ඩලය මෙම සම්මානය දිනා ගැනීම සඳහා මහත් උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කළ ආකාරය ගැන ස්තුති කරන බවද සභාපතිවරයා කීය.

(සටහන |ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...