The Leader News
BREAKING
Top Ad
Biz

දේශීය සමාගමක බිලියන ගානක ආයෝජන ව්‍යාපෘතියට එරෙහිව කූඨ කුමන්ත්‍රණයක්!

T

The Leader Desk

November 4, 2025 • 9:02 AM

දේශීය සමාගමක බිලියන ගානක ආයෝජන ව්‍යාපෘතියට එරෙහිව කූඨ කුමන්ත්‍රණයක්!      

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 35 ක පමණ කාලයන් මුළුල්ලේ කිසිදු අමතර ප්‍රයෝජනයක් නොගෙන, අරුවක්කාලු හුණුගල් නිධියෙන් ඉවත් කෙරෙන රතු පස් වලින් බැර ලෝහ නිස්සාරණය කර, අගය එකතු කර අපනයනය කිරීමේ කර්මාන්තයක් ආරම්භ කිරීම ගැන යෝජනාවක් 'ආශා මිනරල් සමාගම' විසින් ඉදිරිපත් කර තිබිණි.
  • මෙරට ඛනිජ වැලි නිස්සාරණ ක්ෂේත්‍රයේ සහ සමුද්‍ර සේවා කටයුතු සම්බන්ධයෙන් 2012 සිට කටයුතු කළ අතර 2016 වර්ෂයේ දී ආශා මිනරල් සමාගම පිහිටුවන ලදී.
  • දැනට කැණිම් සිදුවන අරුවක්කාලු හුණුගල් නිධියට ආසන්නයේ පිහිටි අක්කර 36 ක භූමිභාගයක් තුළ මෙම සමස්ත ව්‍යාපෘති සිදු කිරීමට සැලසුම් කොට ඇති අතර මේ වෙනුවෙන් ආශා මිනරල් සමාගම ආයෝජනය කිරීමට නියමිත වූ මුදල රුපියල් බිලියන 33 කි.
  •   මේ සඳහා රජයේ අනුමත කිරීම් සියල්ල ලැබීමෙන් පසුව, මේ වන විට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රුපියල් බිලියන 2 ක පමණ මුදලක් වැය කර, අක්කර 20 ක භූමි භාගයක එම කර්මාන්ත අංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට මෙම ආයතනය කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ආශා ලංකා සමාගම, 2010 සිට ඛනිජ වැලි ක්ෂේත්‍රයට පිවිසුණ මුළුමනින්ම දේශීය සමාගමකි.

මෙරට ඛනිජ වැලි නිස්සාරණ ක්ෂේත්‍රයේ සහ සමුද්‍ර සේවා කටයුතු සම්බන්ධයෙන් 2012 සිට කටයුතු කළ අතර 2016 වර්ෂයේ දී ආශා මිනරල් සමාගම පිහිටුවන ලදී.

 

එම වර්ෂයේ දීම සමාගම ඉදිරිපත් කළ ඛනිජ වැලි අගය එකතු කිරීමේ නව නිශ්පාදන තාක්ෂණය ද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ පිළිගැනීමට ලක් විය. දැනට කැණිම් සිදුවන අරුවක්කාලු හුණුගල් නිධියට ආසන්නයේ පිහිටි අක්කර 36 ක භූමිභාගයක් තුළ මෙම සමස්ත ව්‍යාපෘති සිදු කිරීමට සැලසුම් කොට ඇති අතර මේ වෙනුවෙන් ආශා මිනරල් සමාගම ආයෝජනය කිරීමට නියමිත වූ මුදල රුපියල් බිලියන 33 කි.

 

මේ සඳහා රජයේ අනුමත කිරීම් සියල්ල ලැබීමෙන් පසුව, මේ වන විට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රුපියල් බිලියන 2 ක පමණ මුදලක් වැය කර, අක්කර 20 ක භූමි භාගයක එම කර්මාන්ත අංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට මෙම ආයතනය කටයුතු කර ඇත.

වෙනත් කිසිදු ආයතනයක් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොතිබූ අතර එසේම රට බරපතල ආර්ථික අර්බුදයක සිරව සිටිය දී තමන්ගේ තනි ආයෝජනයක් මඟින් සිදු කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය යෝජනා කිරීමත් අභියෝගාත්මක ව ඇති තත්ත්වයක් තුල මේ ආයතනය  රටේ අභිවෘද්ධිය ද සලකා බලා අදාල දැවැන්ත ව්‍යාපෘතියට මුලපුරා ඇත.

 

වසර තිස්පහකට අධික කාලයක් තිස්සේ හුනුගල් කැණීමේදී ඉවතලන රතුපස් හා කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලාගිය ජලය යොදාගෙන බැර ඛනිජ නිස්සාරණය කර ඛනිජ වෙන්කර බැර ඛනිජ අපනයනය කිරීමෙන් රටට ඩොලර් මිලියන ගණනක් ලබාගත හැකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ යෝජනාව මෙම ආයතනය, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ඉදිරිපත් කර සිමෙන්ති සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාගෙන තිබේ.

 

කෙසේ වෙතත්, සියලු අවශ්‍යතා සපුරා තිබියදීත් මේ දැවැන්ත, පලදායි ව්‍යාපෘතියට එරෙහිව යම් යම් කුමන්ත්‍රණකාරී බාදාකිරීම් සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.

මීට පෙර අරුවක්කාරු බැර ඛනිජ නිස්සාරණ වැඩබිම වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් වැටලීම් කරනු ලැබුවේ සෝදිසි කිරීමේ වරෙන්තුවක් පවා නොමැතිව ය.

ඇතැම් නිළධාරීන්ගේ යම්යම් ක්‍රියාමාර්ග හේතුවෙන් බිලියන ගණනක ආයෝජනයක ප්‍රතිලාබ රටට ලබාගැනීම කල්යමින් තිබෙන බවත් දේශීය ආයතනයක් වෙනුවට විදේශීය ආයතනයකට මෙම ව්‍යාපෘතිය ලබාදීමට කිසියම් පිරිසක් කූඨ වෑයමක යෙදෙනවාද කියා සැකයක් පවතින බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...