The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රි ලංකාවේ පළමුවන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය එළිදක්වයි

T

The Leader Desk

November 6, 2025 • 3:07 PM

ශ්‍රි ලංකාවේ පළමුවන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය එළිදක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටපුරා ක්‍රියාත්මක ආර්ථික හා කාර්මික කටයුතු සම්බන්ධ සියලු තොරතුරු කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින්
  • එහි  ලියාපදිංචියෙන් අනතුරුව එම කර්මාන්තයට ජාතික කර්මාන්ත දත්ත ගබඩාවේ ලියාපදිංචි ආයතනයක් ලෙස පිළිගන්නා නිල සහතිකයක් නිකුත් කරනු ලබයි.
  • සකස්කළ නවතම ඩිජිටල් වේදිකාවක් වන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය (National Industry Information System – NIIS) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හදුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන් අද දින (06 දා) කොළඹදී එළිදක්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

සකස්කළ නවතම ඩිජිටල් වේදිකාවක් වන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය (National Industry Information System – NIIS) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හදුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන් අද දින (06 දා) කොළඹදී එළිදක්වන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහය Chrysalis ආයතනය විසින් ලබාදෙයි.

කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කේන්ද්‍රීය දත්ත ගබඩාවක් ලෙස ක්‍රියා කරන මෙම තොරතුරු පද්ධතිය තුළ ලංකාවේ ක්‍රියාත්මක වන කර්මාන්ත පිළිබඳ විස්තර, ව්‍යාපාර වර්ගීකරණය, නෛතික තත්ත්වය, ලියාපදිංචි තොරතුරු, UN වර්ගීකරණය, කර්මාන්ත පරිමාණය, නිෂ්පාදන දත්ත, අමුද්‍රව්‍ය භාවිතය, වෙළඳපල ආවරණය, රැකියා නියුක්තිය, බලශක්ති හා ඉන්ධන පරිභෝජනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ බැහැර කිරීමේ ක්‍රම ඇතුඵ තොරතුරු  මෙහි  අඩංගු වෙයි.


කර්මාන්තකරුවන්ට ඔවුන්ගේම පරිශීලක ගිණුමක් සෑදීමෙන් හෝ බලයලත් රාජ්‍ය නිලධාරීන් හරහා තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හෝ  මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය සදහා ලියාපදිංචි විය හැකිය.


එහි  ලියාපදිංචියෙන් අනතුරුව එම කර්මාන්තයට ජාතික කර්මාන්ත දත්ත ගබඩාවේ ලියාපදිංචි ආයතනයක් ලෙස පිළිගන්නා නිල සහතිකයක් නිකුත් කරනු ලබයි.

මෙම තොරතුරු පද්ධතියේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වනුයේ ලියාපදිංචි කර්මාන්තයන් වාර්ෂිකව තම ව්‍යාපාරික තොරතුරු යාවත්කාලීන කළ යුතු වීමයි. මෙමගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවරදි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමේ අවස්ථාව උදාවෙයි.  


මෙහිදී සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා රටේ කර්මාන්ත ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙසේ ආරම්භ කර ඇති බවත් මෙම නව ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය මගින් ප්‍රතිපත්ති සම්පාදනය, වෙළඳපල පර්යේෂණ, තරඟකාරී විශ්ලේෂණ සහ උපායමාර්ගික සැලසුම්කරණය සඳහා වටිනා මෙවලමක් ලෙස ක්‍රියා කරමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තිරසාර වර්ධනයක් සහ ගෝලීය තරඟකාරීත්වයක් කරා ගෙන යාමට මාර්ගය සකස් කරනු ඇති බවත් පැවසීය.


මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන්, Chrysalis ආයතනයේ නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.  

(සටහන | ජේ.මුණසිංහ)

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...