The Leader News
BREAKING
Top Ad
Biz

කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානයෙන් ව්‍යවසායකයින්ට නිවේදනයක්

T

The Leader Desk

December 13, 2025 • 6:31 AM

කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානයෙන් ව්‍යවසායකයින්ට නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේ වන විට ඇතුළත් වී ඇති දත්ත ප්‍රමාණය අනුව, ආපදාවට පත් ව්‍යවසායන් ගණන 13,698ක් වන අතර, ඉන් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහ මහා පරිමාණ ව්‍යවසායන් 437ක් වාර්තා වී තිබේ.
  • මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර සිදුකළ යුතු අතර, තොරතුරු ඇතුලත් කිරීම  www.industry.gov.lk  වෙබ් අඩවිය හරහා සිදු කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


හානියට පත් කර්මාන්තකරුවන්ගෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ, අදාළ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසයි. මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර සිදුකළ යුතු අතර, තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk වෙබ් අඩවිය හරහා සිදු කළ හැකිය.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට හඳුන්වා දී ඇති දුරකථන අංකය 0712666660 වන අතර, අවශ්‍ය සහයෝගය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙන්ම ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් ද ලබා ගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

 
WhatsApp Image 2025 12 13 at 11.25.16 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...