The Leader News
BREAKING
Top Ad
Biz

කුණාටුවෙන් පීඩාවට පත් ආයෝජකයන්ට සහය වීමට විශේෂ ඒකකයක්

T

The Leader Desk

December 23, 2025 • 7:43 AM

කුණාටුවෙන් පීඩාවට පත් ආයෝජකයන්ට සහය වීමට විශේෂ ඒකකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතින්ට සහය වීමට ආයෝජන මණ්ඩලයෙන් පැය 24 පුරා සහයට වෙනම ඒකකයක් ආරම්භ කොට තිබේ.
  • සතියේ දින 7 දී පැය 24 පුරා මෙම ඒකකය මගින් සේවා සැපයීම සිදු කරයි.
  • එමඟින් ආර්ථිකයේ විවිධ අංශ හරහා දැඩි ආර්ථික බාධා ඇති වී තිබේ.
  • කාර්මික මෙහෙයුම්, සැපයුම් දාම සහ අපනයන මූලික කරගත් කර්මාන්ත විශාල ප්‍රමාණයකට දිට්වා හේතුවෙක් දැඩි බලපෑමක් එල්ල වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ආනයන, අපනයන අනුමත කිරීම් සහ හානියට පත් අයිතම බැහැර කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව හදිසි හා අත්‍යාවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත හා සේවා යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවසායන් සඳහා අඛණ්ඩ සහ කඩිනම් සහාය ලබා දීම සඳහා මෙම ඒකකය ස්ථාපිත කර ඇත.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 06 වන මහලේ පිහිටි ආයෝජක සේවා දෙපාර්තමේන්තුවේ මෙම 24×7 ඒකකයක ස්ථාපිත කර ඇත. සතියේ දින 7 දී පැය 24 පුරා මෙම ඒකකය මගින් සේවා සැපයීම සිදු කරයි.

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ පරිමාණයේ ජාතික ව්‍යසනයකට මුහුණ මට සිදු වී ඇත. එමඟින් ආර්ථිකයේ විවිධ අංශ හරහා දැඩි ආර්ථික බාධා ඇති වී තිබේ. කාර්මික මෙහෙයුම්, සැපයුම් දාම සහ අපනයන මූලික කරගත් කර්මාන්ත විශාල ප්‍රමාණයකට දිට්වා හේතුවෙක් දැඩි බලපෑමක් එල්ල වී ඇත.

 

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ  (BOI) ලියාපදිංචි ව්‍යවසායන්හට සිදුව ඇති  හානියේ ප්‍රමාණය තක්සේරු කිරීම සහ කඩිනම් සහන ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවදානය යොමු වී ඇත.

 

සුළි කුණාටුව ආශ්‍රිතව සිදු වූ හානිවලින් යථා තත්ත්වයට පත් වීමට සහය වීම සහ නිෂ්පාදන හා අපනයන කටයුතු ඉක්මනින් යථාවත්  කිරීම සඳහා සහය වීම ප්‍රමුඛ කාර්යය වී ඇත. ඒ සදහා බලපෑමට ලක් වූ ව්‍යවසායන් සම්බන්ධයෙන් පුළුල් ඇගයීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරමින් සිටී. මූලික පියවරක් ලෙස, සිදු වූ පාඩුවල ප්‍රමාණය සහ ස්වභාවය තීරණය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය විසින් සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායන්ගෙන් සවිස්තරාත්මක දත්ත රැස් කරමින් පවතී.

මෙම ක්‍රියාවලිය තව දුරටත් ක්‍රියාත්මක කරමින් දිට්වා සුළි කුණාටුවෙන්  බලපෑමට ලක්වු කර්මාන්ත තක්සේරු කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. පසුගිය 19 දා කොළඹ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩසටහන සදහා විවිධ අංශයේ කර්මාන්ත නියෝජනය කරමින් නියෝජිතයින් 36 දෙනෙකු සහභාගි වූහ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන තුළින් හානියට පත් කර්මාන්ත වල දේපළ, යන්ත්‍රෝපකරණ, උපකරණ සහ තීරණාත්මක මෙහෙයුම් යටිතල පහසුකම් වලට සිදු වූ හානිය පිළිබඳව ආයෝජන මණ්ඩලයට සෘජුවම අවබෝධයක් ලබා ගැනීමට  සහ ආයෝජන මණ්ඩලය විසින් ලබා දිය හැකි සහාය පිළිබදව මූලික මැදිහත් වීම සිදු කිරීමයි.

 arjuna9w3

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පැමිණීමට සහය වීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සියළු පාර්ශවයන්ගේ සහය ලබා ගනිමින් කඩිනම් වැඩපිළිවලක් ක්‍රියාවට නංවන බව පැවසීය.  සුළි කුණාටුව නිසා ඇති වූ පසුබෑම් ජය ගැනීම, මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීම සහ යථා තත්ත්වයට පත්වීම කරා ඉදිරියට යාම සඳහා ව්‍යවසායන්ට  සහය වීම ඇතුළු සියළු කාර්යන් සඳහා ආයෝජන මණ්ඩලය හැකි සෑම පියවරක්ම ගන්නා බව ඔහු තවදුරටත්  අවධාරණය කළහ.

 

ව්‍යාපාරවලට ඔවුන්ගේ අත්දැකීම්, අභියෝග සහ ක්ෂණික අවශ්‍යතා බෙදා ගැනීමට සාකච්ඡා ඉතා වැදගත් වේදිකාවක් සපයන ලදී. ඵලදායී ප්‍රතිසාධන උපාය මාර්ග සංවර්ධනය කිරීම, හැකි සහන පියවර හඳුනා ගැනීම සහ ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් රජයේ සංවිධාන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියාවන් ගවේෂණය කිරීම සඳහා මෙම හුවමාරුව වැදගත් පියවරක් සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් ඇතුළු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...