The Leader News
BREAKING
Top Ad
Biz

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්

T

The Leader Desk

December 27, 2025 • 3:57 AM

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.
  • "සාමාන්‍ය ජනතාව මිලදී ගන්න Alto, Wagon R, Yaris, Hustler වැනි 1000cc කාණ්ඩයේ වාහනවල බද්ද අඩුකරලා දෙන්න.
  • සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් වදිනවා.
  • මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසය.

"සාමාන්‍ය ජනතාව මිලදී ගන්න Alto, Wagon R, Yaris, Hustler වැනි 1000cc කාණ්ඩයේ වාහනවල බද්ද අඩුකරලා දෙන්න. සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් වදිනවා. මේක පොඩි වාහනයක්, මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්. හොඳට ඉන්ධන කරන වාහනයක්. හරිනම් මේ වගේ වාහන ජනප්‍රිය කරවන්න ඕන" යැයි පැවසීය.

මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් ආනයනික වාහන සඳහා වන කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කර සිටී.

"ආපදා තත්ත්වය නිසා මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම කඩාවැටිලා. අපට ඕඩර්ස් දීපු මිනිස්සුන්ට ඔවුන් ගෙන්වපු වාහන මිලදීගන්න බැරි තැනකට ඇවිත්. 3%ක දඩයක් ගහනවා මාස 3 පැන්නාම.

ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිනම් මෙම 3% ඉවත්කරලා දෙන්න" යනුවෙන්ද පැවසීය.

(aruna)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...