කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
එම අමාත්‍යංශයේ ප්‍රවෘති නිලධාරි ලක්ෂ්මිද සිල්වා ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයේ දැක්වෙන පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කළ මෙම ''බස්නාහිර පළාත් ව්‍යවසායක සම්මාන උලෙළ 2025'' මෙවර පවත්වා ඇත්තේ අටවන වරට ය. මෙහි දී බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන: ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යවසායකයින් අතරින් කැපී පෙනෙන ව්‍යසායකත්ව විශිෂ්ට ජයග්‍රහණ පෙන්වූ ව්‍යවසායකයින් වෙත සම්මාන කාණ්ඩ 27ක් යටතේ ව්‍යවසායකයින් පනස් හතර දෙනෙක් සඳහා: රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනමා ඇත.
මතු පළ වන්නේ එම සම්මාන උලෙළ පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය නිකුත් කළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය යි.






